Divaina - සයිටීස් කොන්ත‍්‍රාත්තුව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

 පසුගිය මැයි මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ දෙවැනි වැඩිම නියෝජනය සහිත ‘සයිටීස්’ (වඳ වී යෑමේ තර්ජනයට ලක්වූ ශාක හා සතුන්ගේ අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සමුළුව) සම්මුතියේ ලෝක වනජීවී සමුළුව මේ දිනවල ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදී පැවැත්වේ.
 
 රටවල් 184 ක පාර්ශ්වකරුවන් හා පන්දහසකට ආසන්න නියෝජිතයන් පිරිසක් මැයි මස 23 වැනිදා ආරම්භ වීමට තිබූ කොළඹ සමුළුව සඳහා සහභාගී වීමට නියමිතව සිටියද අවාසනාවකට ඒ අගනා අවස්ථාව අපෙන් ගිලිහී ගියේය.
 
 ඊට හේතු දෙකකි. එකක් අවසන් මොහොතේ එල්ලවූ සහරාන්ගේ අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයයි. අනෙක දේශපාලකයන් විසින් සමුළුව කොල්ලකෑමට දරන ලද උත්සාහයයි.
 
 සහරාන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තරයද සසල වූවාට සැක නැත. විදේශිකයන් සති. මාස ගණනාවක් යනතුරු ශී‍්‍ර ලංකාව දෙස නොබැලීමට එම ප‍්‍රහාරය හේතු වූ බවද ඇත්තකි.
 
 එහෙත් ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ ‘සයිටීස්’ ලේකම් කාර්යාලය අදාළ සමුළුව ශී‍්‍ර ලංකාවට ලබාදීමට නොගත් උත්සාහයක් නැති තරම් ය. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුවද එක්සත් ජාතීන්ගේ විශේෂ ¥ත පිරිසක් ශී‍්‍ර ලංකාවට එවා සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට අදාළ පසුබිම නිරීක්‍ෂණය කළ නමුත්, අප දන්නා පරිදි මේ වනජීවී ලෝක සමුළුවේ බලධාරීත්වය හිමි (වනජීවී) දේශපාලකයෝ එම ¥ත පිරිස ද කොල්ලකෑමට වෙර දැරූහ. පරීක්‍ෂණ අඩාල කර ඔවුන්ට කොක්ටේල් පාටි ලබා දුන්හ. ඒ අනිකක් නිසා නොව, මෙම සමුළුවට පහසුකම් සපයන ගුවන් ටිකට්පත්, හෝටල්, ප‍්‍රවාහන, ආහාර පාන, වෙළෙඳ කුටි, සංස්කෘතිකාංගවල කොන්ත‍්‍රාත්තු ලබා ගැනීම සඳහාය.
 
 2016 වසරේදී අදාළ සමුළුව ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේ බන්දේසියක තබා නොවේ. ශී‍්‍ර ලංකා රේගුව මගින් වරින්වර දුර්ලභ ශාක, ඇත්දළ ඇතුළු සත්ත්ව කොටස් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීම හෝ විනාශ කිරීම හේතු කොට ගෙන ‘සයිටීස්’ බලධාරීන් ශී‍්‍ර ලංකාව කෙරෙහි අතිශය පැහැදුණු තත්ත්වයක පසු විය. එහි ඵල ප‍්‍රයෝජන ඉතා හොඳින් නෙළාගත් හිටපු වනජීවී ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා 2016 දී දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැති සයිටීස් පාර්ශ්වකරුවන්ගේ 17 වැනි සමුළුවේදී මීළඟ (18) සමුළුව ශී‍්‍ර ලංකාවට ලබාදෙන ලෙස කෙළින්ම ඉල්ලා සිටියේය. ඔහුගේ ඉල්ලීම ඉටු විය.
 
 දැඩි විමර්ශනයකින් පසුව සමුළුව ශී‍්‍ර ලංකාවට ලබාදුන්නත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන නායකත්වය මෙහි ඵල ප‍්‍රයෝජන තේරුම් ගත්තේ නැත. සංචාරක ප‍්‍රවර්ධනය අතින් මෙන්ම වැය කරන මුදල ගණනය කර විශාල ආර්ථික වාසියක් ද, කීර්තියක් ද අත්කර ගැනීමට තිබූ අවස්ථාවකට රටේ නායකත්වය ලබාදුන්නේ ‘සොච්චම්’ අවධානයකි.
 
 ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මේ සඳහා කැබිනට් අනුමැතියෙන් සයිටීස් කොළඹ ලේකම් කාර්යාලයක් පිහිටුවා විද්වත් මඬුල්ලක් යටතේ සංවිධාන කටයුතු කරගෙන යන අතරතුර ඔහු බුද්ධ ශාසන ඇමැති ධුරයට හරවා යැවුණි.
 
 මීළඟ වනජීවී ඇමැති ධුරයට පත් ජෝන් අමරතුංග මහතාගේ සමයේදී සයිටීස් ලේකම් කාර්යාලය උඩු යටිකුරු විය. ශී‍්‍ර ලංකාවේ සයිටීස් අධ්‍යක්‍ෂ ජනරාල් ඉවත් කර දේශපාලන පත්වීමක් ලබාදුන්නේය. ඇඟිලි ගැසීම් ඉවසනු බැරිව අවසානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇමැතිවරයාට එරෙහිව ඉල්ලා අස්විය. ලේකම් කාර්යාලය මගින් තහවුරු කරන ලද ප‍්‍රවාහන, හෝටල්, උපකරණ, ගොඩනැඟිිලි, කෑමබීම, සියල්ලම ඇමැති හිතවතුන්ගේ කොන්ත‍්‍රාත්තු බවට පත් විය. ජිනීවා ලේකම් කාර්යාලය මේ බව ඉතා ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් අධ්‍යයනය කළේය. සැබෑව නම් සහරාන්ගේ බෝම්බයට පෙර කොළඹ සයිටීස් සමුළුව පුපුරා යමින් තිබීමය.
 
 සහරාන්ගේ බෝම්බය සයිටීස් සමුළුව ජිනීවා නගරයට මාරුවීමට ප‍්‍රධාන හේතුව නොවේ. එනමුත් එය ජිනීවා වෙත ගෙනයන්නට කදිම අවස්ථාවක් උදා කරලීය. අවසානයේ ජිනීවා ලේකම් කාර්යාලය සයිටීස් සමුළුව ශී‍්‍ර ලංකාවේ නොපැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කළේය.
 
 දේශපාලන අධිකාරිය හොඳටෝම කිපුණේය. කොන්ත‍්‍රාත්කාරයන්ට යකා වැහුණෝය. සයිටීස් මහලේකම්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධායට පවා පෙත්සම් යැවිණි.
 
 එපමණක් නොවේ. සමුළුව ශී‍්‍ර ලංකාවේ නොපවත්වන්නේ නම් ශී‍්‍ර ලංකාවේ ඈත එපිට ගමක (අම්පාර) තරුණයකු විසින් නිර්මාණය කළ පාර්ශ්වකරුවන්ගේ 18 වැනි සමුළුව සඳහා ශී‍්‍ර ලංකාව හැ¥ නිල ලාංඡුනය ද භාවිත නොකරන ලෙස එක්සත් ජාතීන්ට ඊමේල් පණිවිඩ මගින් ගර්ජනය කළහ. ඒ වනවිටත් එය රුසියාවේදී නිල වශයෙන් දියත් කර පිළිගෙන තිබිණි. අවසානයේ වසරක් තිස්සේ සයිටීීස් වෙබ් අඩවි ඇතුළු ප‍්‍රචාරන යාන්ත‍්‍රණයේ භාවිත කළ ‘ශී‍්‍ර ලංකා අභිමානයද’ සයිටීස්වරු ගලවා දැමූහ.
 
 සැබැවින්ම සයිටීස් සමුළුව ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ගියේ ශී‍්‍ර ලංකාවේම වරදින්ය. එය සහරාන්ට බැර කළ යුත්තක් නොවේ. ඊට එරෙහිව ගතු කේළාම් කියමින් සමුළුව කොල්ලකෑමට දැරූ උත්සාහයෙන් සමුළුවට පාඩුවක් සිදුවූයේ නැත. රටවල් 184 ක නියෝජිතයෝ දැන් ජිනීවාහි කදිමට රැස්ව සිටිති.
 
 එහෙත්, කොන්ත‍්‍රාත්තුවලින් පැරදුණු ශී‍්‍ර ලංකා රජයේ ඇතැම් නියෝජිතයෝද ලැජ්ජා නැතිව ජනතා මුදල් වැය කර මේ සමුළුවට ගොස් පුටු රත් කරති.
 
 එ.ජා. සයිටීස් බලධාරීන් විසින් මිත‍්‍රත්වයට දිගු කළ දෑත් සිඹින්නට නොව, කපන්නට උත්සාහ කළ මේ දේශපාලන කොන්ත‍්‍රාත්කරුවෝ රටට පැමිණි ආර්ථික වාසියද නැති කළහ.
 
 ඒ කොතෙක්, කෙණෙහිලිකම් සිදු වුවද සමුළුව ආරම්භයේදීම ශී‍්‍ර ලංකාවේ පාස්කු ප‍්‍රහාරය සිහිකර විනාඩියක නිිශ්ශබ්දතාවක් ප‍්‍රකාශ කරන්නට රටවල්  184 ක සයිටීස් පාර්ශ්වකරුවන්ට සිහිපත් කර දෙන්නට සයිටීස් බලධාරීන් න්‍යාය පත‍්‍රයේ ඉඩක් වෙන් කර තිබිණි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles