Divaina - අකල් මරණ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

පසුගිය වසරේ (2018) දුම්රිය අනතුරුවලින් පුද්ගලයන් 521 දෙනකු මරුමුවට පත් වී ඇත. මේ වසරේ (2019) පසුගිය මාස හත ඇතුළත පමණක්‌ දුම්රිය අනතුරුවලින් 250 දෙනකු මරුමුවට පත් වී තිබේ.


දුම්රියට පැන සියදිවි නසා ගැනීම්, අනාරක්‍ෂිත ලෙස දුම්රිය මාර්ගයට වාහන දැමීම, දුම්රිය පාපුවරුවෙන් ඇද වැටීම සහ ජංගම දුරකථනවලින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම යනාදී කරුණු නිසා මෙම මරණ සිදු වී ඇතැයි දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.

දුම්රිය යනු ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට ගමන් පහසුව සලසන මඟී ප්‍රවාහන සේවාවකි. විශේෂයෙන් අප රටේ රජයේ සේවකයන්ගේ ප්‍රධාන මඟී ප්‍රවාහන සේවාවක්‌ බවට දුම්රිය පත් වී ඇත. එවැනි සේවාවක්‌ සලසන දුම්රියට හසු වී වාර්ෂිකව සැලකිය යුතු පිරිසක්‌ මියයැම ගැන අපගේ දැඩි අවධානය යොමු කළ යුතුව ඇත. මෙම මරණ සඳහා ප්‍රධාන වන්නේ නොසැලකිල්ල හා ඉවසීමක්‌ නොමැතිකම බව පැහැදිලිය.

විශේෂයෙන් ම ජංගම දුරකථන කනේ ගසාගෙන රේල් පාරවල්වල ගමන් කරන්නේ කකුල් දෙකේ අයද නැත්නම් කකුල් හතරේ අය ද යන්න ප්‍රශ්නයකි. මොළේ ඇති කිසිවකු මෙම ගොන් වැඩේ කරන්නේ නැත. මෙවැනි අනතුරු පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙන් මෙන්ම මාධ්‍ය මගින් ද ජනතාව දැනුවත් කළ ද එවැනි අනතුරුවල අඩුවක්‌ පෙනෙන්න නැත.

රටක තිබිය යුත්තේ ආරක්‍ෂිත දුම්රිය මාර්ගයන් ය. අවාසනාවකට අපේ රටේ තවමත් අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයන්ද තිබේ. එනිසා ජීවිතය පරදුවට තබා මරුවා ළඟා කරගන්නේ නැතිව මෙම අනාරක්‍ෂිත දුම්රිය මාර්ග තරණය කිරීමට මඟීන් බුද්ධිමත් විය යුතුය. විශේෂයෙන් අනාරක්‍ෂිත දුම්රිය මාර්ගවල ඇති විදුලි සංඥ පුවරු ගැන මඟීන් වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව ඇත.

******************************************

අප රටේ මිනිස්‌ ජීවිත බිලිගන්නා තවත් මරුවෙක්‌ බවට ඩෙංගු මදුරුවා පත්ව සිටියි. පසුගිය මාස එකහමාරක්‌ තුළ පමණක්‌ (ජූලි 01 වැනිදා සිට අගෝස්‌තු 15 වැනිදා දක්‌වා) දිවයිනෙන් ඩෙංගු රෝගීන් 10125 දෙනකු ගැන වාර්තා වී ඇත. මෙම රෝගීන්ගෙන් 2258 දෙනකු වාර්තා වී ඇත්තේ කොළඹින් වීම ද විශේෂත්වයකි. මෙම වසරේ මෙතෙක්‌ වාර්තා වී ඇති ඩෙංගු

මරණ සංඛ්‍යාව 36497 කි. මේ අතුරින් ඩෙංගු මරණ 55 ක්‌ සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

ඩෙංගු වසගංතය ලංකාවෙන් තුරන් කිරීම සඳහා කාලයක්‌ තිස්‌සේ විවිධ විකල්ප යෝaජනා කෙරිණි. මේ වනවිට ඩෙංගු වෛරසය පැතිරීම වැළැක්‌වීම සඳහා zzවොල්බැකියාZZ බැක්‌ටීරියාව මෙරටට හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කවරක්‌ නමුත් ඩෙංගු මාරයාගෙන් ජනතාව ගලවා ගැනීම සඳහා වඩා සක්‍රීයව දායක විය යුත්තේ ද ජනතාව බව අමතක නොකළ යුතුය. තම ගෙවත්ත සහ අවට වටපිටාව හොඳින් පිරිසිදු කර තබා ගැනීම ජනතාවට ඉතා පහසුවෙන් කළ හැකිය. නමුත් සමහරු ඒ ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැත. සමහර නිවාස ඩෙංගු මදුරුවන්ට තොටිලි හදන ස්‌ථාන බවට පත්ව තිබේ. ඩෙංගු මදුරුවන් බෝ වන තැන් ඇද්දැයි සෙවීමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණෙන විට ගෙවත්ත ගැන උනන්දුවක්‌ ගන්නා ජනතාව ඊට පසුදින එය අමතක කිරීම කණගාටුවට කරුණකි. ඩෙංගු කීටයන් වත්තකින්. නිවසකින් හමු වූ විට නඩු පැවරීමට සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියා කිරීම කාලයක්‌ තිස්‌සේ සිදුවන්නකි. නමුත් ඩෙංගු වසංගත තත්ත්වය අඩුවන බවක්‌ නොපෙනේ. එනිසාම නඩු දැමීමෙන් පමණක්‌ ඩෙංගු වසංගතය මැඬලිය නොහැකි බව පැහැදිලිය.

එනිසා වෙනස්‌ විය යුත්තේ මිනිසුන්ගේ චර්යාවන් ය. ක්‍රියාකාරකම් ය. ජනතාව පුරුද්දක්‌ ලෙස සෑම දිනකම තම නිවෙස්‌ හා අවට පිරිසිදුව තබා ගන්නේ නම් ඩෙංගු හිස එසවීම වළක්‌වා ගත හැකිය. මෙහිදී මතක්‌ කළ යුතු තවත් වැදගත් කාරණයක්‌ තිබේ. ඩෙංගු බෝවනුයේ නිවෙස්‌වල පමණක්‌ නොවේ. රජයේ ආයතනවලද වෙනත් පරිශ්‍රයන්හි ද ඩෙංගු අනන්තවත් බෝවන බවට පසුගිය කාලයේදී වාර්තා පළවිය. ඒ ගැන ද රාජ්‍ය ආයතන ප්‍රධානීන් වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. සමස්‌තයක්‌ ලෙස මුළු සමාජයම එක මිටට ගොනු නොවී ඩෙංගු වසංගතය මැඬලිය නොහැකි බව නම් පැහැදිලිය.

 


sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles