Divaina - බාඳුරාගොඩ ‘වඩිය’ වැරදීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

මේ සතිය තුළ මිනිසුන් සමූහයා ලෙස මියගිය ඛේදවාචක දෙකක් ගැන අසන්නට ලැබිණි. එකක් කලූතර ප‍්‍රදේශයේදී සිදුවූ මාරාන්තික බස් අනතුරයි. දෙවැන්න මීරිගම - බාඳුරාගොඩදී සිදුවූ (විෂ) මත්පැන් විෂවීමේ සිද්ධියයි. මෙහිදී 12 දෙනකු මිය ගොස් ඇත. බස් රථ අනතුර ගැන දැනටමත් අප කතාකර ඇති බැවින් මීරිගම සිද්ධිය පිළිබඳව කතා කිරීම කාලෝචිතය.
 
 මීරිගම සිද්ධිය කලූතර සිද්ධිය මෙන් හදිසි අනතුරකින් සිදු වූවක් නොවූවත්, හදිසි ඛේදවාචකයකි. එහෙත් එය දිගුකාලීන සිදුවීම් මාලාවක අවසානයකි. අවසානයක් යැයි කීවාට ඒ, මියගිය අයවලූන්ට හා එම පවුලේ උදවියටය. එහෙත් සිද්ධියක් හැටියට හෝ හොර ජාවාරමක් හැටියට හෝ අනියම් මිනී මැරීමක් හැටියට හෝ එහි කිසිදු අවසානයක් නැත. තවත් කෙටි කලක් පවතින මෙහි පරීක්‍ෂණවල ප‍්‍රතිඵල, රටේ බොහෝ සිද්ධීන්වල හා කොමිෂන්වල ප‍්‍රතිඵල සේම, නැතහොත් විෂ මත්ද්‍රව්‍ය විෂවී මිය ගිය පුද්ගලයන් සේම මිහිදන්වනු ඇත.
 
 මත් ද්‍රව්‍ය භාවිතය පස් පවකින් එකක් සේම පවුලක, සමාජයක, රටක පරිහානිය පෙන්වන කැඩපතකි. එය ශ‍්‍රී ලංකාවට කොතරම් අදාළ වේදැයි කිවහොත් සෑම ශ‍්‍රී ලාංකිකයන් තුන්දෙනකුගෙන් එකකුම මත්ද්‍රව්‍ය ලෝලියකුය, නැතහොත් බේබද්දෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 38% ක් මත්ද්‍රව්‍ය ලෝලීහුය.
 
 නරක නැත ‘‘මතට තිත’’ යැයි කීවද, ‘තිතට මත්වන‘ අපේ ජනතාවගේ ලෝක තත්ත්වය ඉහළින්ම සනිටුහන්වන්නකි. ලෝක කුසලාන ක‍්‍රිකට්, දැල්පන්දු වෙන වෙන ක‍්‍රීඩා හෝ ක‍්‍රීඩා නොවන ඉසව්වලින් ජය කෙහෙළි නංවන්නට අපට නොහැකි වුවද, වැඩිපුරම සියදිවි
 
 නසාගැනීම, වැඩිපුරම වගාවන් සඳහා වස විෂ රසායන යෙදීම සේම, මත්ද්‍රව්‍ය භාවිතය අතින්ද අප ‘කප්’ ගසා ඇත.
 
 සියලූ දේශපාලන අම්බරුවෝ ජනතාව ගොනාට අන්දවාගෙන තම මජර දේශපාලනය කරන්නේ මෙවන් තත්ත්වයකට රට ඇද දමාය.
 
 ඒ කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය භාවිතය හා එහි ආදීනව, ඵල විපාක හා බාඳුරාගොඩ සිද්ධිය ගැන කතා කළ යුතුව තිබේ.
 
 ජනතාවගේ 38% ක් මත්ද්‍රව්‍ය ලෝලීන් වන රටේ, ඔවුන් භාවිත කරන මත්ද්‍රව්‍ය අතරින් 40% ක්ම නීති විරෝධීව නිපදවන මත්ද්‍රව්‍ය වේ. රටේ සමස්ථ මත්පැන් නිෂ්පාදනයෙන් නීත්‍යානුකූලව නිපදවන්නේ 60% ක ප‍්‍රමාණයක් පමණි. ඉතිරිය (40%) සම්පූර්ණයෙන්ම නීති විරෝධි හොර අරක්කුය. හොර රා ය. කසිප්පුය, නොහොත් කෘත‍්‍රිම රසායනය. උග‍්‍ර වස විෂය.
 
 විනාකිරි නිපදවීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍ර ගෙන, කෘත‍්‍රිම රා නිපදවා එතනෝල් පෙරන සොර දෙටුවන් (සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් පුද්ගලයන් ද සම`ග) ගැන අනාවරණ කිහිපයක්ම ‘දිවයින’ පසුගිය කාලයේදී සිදු කළේය.
 
 එසේ නිපදවන හොර, කෘත‍්‍රිම එතනෝල් අලෙවි වන්නේ කාටද යන ප‍්‍රශ්නයද එහිදී මතු කෙරිණි. ඉතා පැහැදිලි කරුණ නම්, සීල් අරක්කු නිපදවන සමාගම් වෙත මෙන්ම කසිප්පු තිප්පළ වෙතද මෙම කෘත‍්‍රිම එතනෝල් (රසායන) අලෙවි වන බවය.
 
 මීරිගම - බාඳුරාගොඩ වැනි කසිප්පු තිප්පළ වෙතද මෙවන් කෘත‍්‍රිම රා එතනෝල් (විෂ රසායන) හුවමාරු විය හැකිවා සේම කුණුවන පලතුරු වර්ග, සීනි, යූරියා, ඊස්ට් දියකර ඒවාට ඇමෝනියා, ඉවතලන සෙලියුලර් බැටරි, බැරලෝහ එකතුකර සාදන මෙවන් නීති විරෝධී අරක්කු නොහොත් ‘‘බොකු දිරාස්’’ මිනිසුන්ගේ ජීවිත බිලිගැනීම අරුමයක් නොවේ.
 
 එහෙත්, පවතින ප‍්‍රශ්නය නම්, වසර 40 ක අත්දැකීම් සහිත බාඳුරාගොඩ කසිප්පු ‘එක්ස්පර්ට්’ ට වඩිය වැරදුණේ කෙලෙසද යන්නයි.
 
 එක්කෝ වසර ගණනාවක් තිස්සේ පල්වූ වඩිය විෂවී ඇත. නැතහොත් මෙවර ඔහුගේ ‘‘රෙසිපිය’’ නොහොත් අමුද්‍රව්‍ය වට්ටෝරුව වැරදී ඇත. එසේ නොවන්නේ නම් කවුරුන් හෝ ඔහුගේ මෙම ‘‘දේශීය නිෂ්පාදනාගාරයට’’ වසක් විෂක් මිශ‍්‍රකර ඇත.
 
 ඒ කරුණු කිහිපයක් මුල්කරගෙනය. එක්කෝ ඔහුගේ ව්‍යාපාරය තමන් නතු කරගැනීම සඳහා විය යුතුය. නැතහොත් බලවත් සීල් අරක්කු
 
 සමාගම්වලට කසිප්පු ජාවාරමෙන් පවතින වෙළෙඳ තර්ජනය නිසාය. මෙවන් ගේමක් දීගත හොත් කසිප්පු තුරන්වී යළිත් සීල් බෝතලයටම ‘‘ප‍්‍රමෝෂන්’’ ලැබෙනු ඒකාන්තය. ආණ්ඩුව කියන්නේත් ලැයිසන් තියෙන බීම තියෙද්දී කසිප්පු බොන්නේ ඇයි කියාය. නමුත් එය ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නයකි. එය රජයට තේරෙන - නොතේරෙන කතාවකි. අපට ඇති ප‍්‍රශ්නය නම් බාඳුරාගොඩ කසිප්පු තිප්පළේ කසිප්පු විෂ වූයේ කිනම් කාරණයක් නිසාද යන්නය. සීල් අරක්කු ප‍්‍රමෝෂන් කිරීමට හොර මාධ්‍ය ‘කැම්පේන්’ පවා සිදුවන මෙවන් මොහොතක ජනතාවට කෘත‍්‍රිම ස්ප‍්‍රීතු ගැන මෙන්ම සීල් අරක්කු කොම්පැණි
 
 ගැනද සැක සංකා ඇත. සැබැවින්ම බාඳුරාගොඩ කසිප්පු විෂ වූයේ කුමක් නිසාද? රජය ඊට පිළිතුරු සපයා දිය යුතුය. කසිප්පු තුරන් කිරීම සඳහා කටයුතු කළ යුත්තේ ඉන් පසුවය.
 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles