Divaina - වේගය මරු කැඳවන බව අමතක කිරීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

පසුගියදා (04 දා* කළුතර වස්කඩුව ගාලූ පාරේදී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගීහු හයදෙනෙක් මියගොස් තවත් 52 දෙදෙනෙක් තුවාල ලැබූහ.
 
 මෑතකදී සිදුවූ මාරක බස් අනතුර ලෙස මෙය වාර්තා වෙයි. බස් රථ දෙක අධික වේගයෙන් ගමන් කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.
 
 මෑතක සිට රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබේ. එනිසාම මේ පිළිබඳව යම් සොයා බැලීමක් කළ යුතුය. විශේෂයෙන් රථ වාහන පොලිසිය මෙන්ම ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අවධානය මේ කෙරේ යොමු කළ යුතුය. නොහික්මුණ රියැදුරන්ගේ කි‍්‍රයාකලාපය නිසා මිනිස් ජීවිත ගණනාවක් අකාලයේ මිලින වීම බරපළ කාරණයකි. රියැදුරන්ගේ ස්වයං විනය ගිලිහීම පිළිබඳව වඩා සැලකිල්ලෙන් සොයා බැලිය යුතුය. මත්පැන් පානය කර වාහන ධාවනය කරන රියැදුරන් ඇල්ලීම සඳහා පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මක වුවද වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය ධාවනය කරන්නේ නම් ඒ ගැන සොයා බැලීමේ ක‍්‍රමවේදයක් තවමත් නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ නැත.
 
 මාර්ග අනතුරුවලට බොහෝ විට සිදුවන්නේ මාර්ග නීති රීති අනුගමනය නොකිරීම බව පැහැදිලිය. මෙම රිය අනතුරු මාරක අනතුරු බවට පත් වන්නේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම නිසාය. මාර්ගවල වේග සීමා ලකුණු කර තිබුණ ද රියැදුරන් ඒ පිළිබඳව තැකීමක් කරන්නේ නැත. අධික වේගයෙන් රිය පදවන්නන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කිරීම පොලිසියේ වගකීමය.
 
 2016 වර්ෂයේදී මාරක රිය අනතුරු නිසා 3003 දෙනකු මියගොස් ඇත. 2017 වර්ෂයේදී 3101 දෙනකු මියගොස් ඇත. 2018 වර්ෂයේදී එම ප‍්‍රමාණය 3097 ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය අගෝස්තු මාසය දක්වා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වුණු රිය අනතුරුවලින් පමණක් 1629 දෙනකු මියගොස් ඇත.
 
 ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දත්ත හා සංඛ්‍යා ලේඛණ අනුව 2016, 2017 සහ 2018 යන වර්ෂවල පිළිවෙළින් සිදුවූ බරපතළ අනතුරු සඛ්‍යාව 8518, 8144 සහ 8475 ක් වාර්තා වෙයි.
 
 සංඛ්‍යා ලේඛණ අනුව පැහැදිලි වන්නේ වාර්ෂිකව රිය අනතුරු ඉහළ යමින් තිබෙන බවය. මෙය බරපතළ තත්ත්වයකි. රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණවලින් විශාල සමාජ අර්බුද නිර්මාණය වෙයි. මෙම අර්බුද විසඳීමට දිළිඳු ආර්ථිකයක් ඇති ආණ්ඩුවට හැකියාවක් නැත. අනතුරුවින් තුවාල ලැබූවන්ට ලබා දෙන පුළුන් කෑල්ලද ආණ්ඩුවට විශාල බරකි. එබැවින් රිය අනතුරු අවමකර
 
 ගැනීමේ යාන්ත‍්‍රණයක් සැකසීම රටේ ආර්ථිකයට ද ගුණදායකය.
 
 විශේෂයෙන් අප රටේ මගී බස් රථ රියැදුරන්ගේ විනය හැදීම සඳහා අදාළ අංශ පියවර ගැනීම සඳහා වහාම කි‍්‍රයාකළ යුතුව ඇත. ඒ සඳහා දැඩි නීති රීති පමණක් නොව මිනිස් ජීවිතවල වටිනාකම ඔවුන්ට වටහා දෙමින් ඔවුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට පියවර ගැනීම කාලෝචිතය.
 
 බොහෝ විට බස් රියැදුරුට වඩා බස් කොන්දොස්තරවරුන්ගේ වුවමනාව මත අපරික්‍ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියැදුරන් අප අනන්තවත් දැක ඇත. අසුන්වල මගීන් අඩු අවස්ථාවල ඉබි ගමනේ යන බස්රථ රියැදුරන් තමන්ගේ මාර්ගයේ ගමන් ගන්නා තවත් බස් රථයන් දුටුවිට ඉගිල්ලෙන අයුරු මේ කාලයේ සුලබ දසුනක් බවට පත්වී ඇත. එනිසා මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය ඇතුළු ප‍්‍රවාහන සම්බන්ධ ආයතන, දෙපාර්තමේන්තු නිලධාරීන් මේවා සියුම් ලෙස අධීක්‍ෂණය කර රියැදුරන්ගේ මේ නොහොබිනා කි‍්‍රයාකාරකම් වහා නවතා දැමීමට පියවර ගත යුතුව ඇත. බොහෝ රියැදුරන්ට අධික වේගය මරු කැදවන බව සිහිපත් වනුයේ අනතුරක් සිදුවූ විට පමණි. ඇතැම් අවස්ථාවලදී එම මාරක අනතුරු නිසා සාක්‍ෂි දීමටවත් රියැදුරු ඉතිරි වන්නේ නැත. වාද්දුව මාරක බස් අනතුරේදී ලංගම බස් රියැදුරුද මෙම අවාසනාවන්ත ඛේදවාචකයට මුහුණ දුන්නේය. මේ අනතුරු දෙස බලා හෝ පාඩමක් ඉගෙනගෙන අනෙක් බස් රථ රියැදුරන් ප‍්‍රවේශමෙන්, සැලකිල්ලෙන් රිය පැදවීමට අදිටන් කරගත යුතුව ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles