Divaina - රටේ අනාගතය අපයෝජනය කිරීම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka


  loww135රටකට දරුවන් සම්පතකි. එනිසා දරුවන් නිසි ලෙස පෝෂණය කර අධ්‍යාපනයෙන් සන්නද්ධ කර යහපත් විනයගරුක පරපුරක්‌ ලෙස ඉහළට ඔසවා තැබීම වැඩිහිටි පරපුරේ වගකීමකි.
 
 හෙට රට භාරගැනීමට සිටින දරුවා කයෙන් පමණක්‌ නොව මනසින් ද නිරෝගිමත් පුරවැසියකු විය යුතුය. යහපත් ළමා කාලයන් ගත නොකළ දරුවන්ගෙන් රටේ ඉදිරි ගමනට යහපත් පුරවැසියකු ගොඩනැඟෙන්නේ නැත. පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන බොහෝ අයට යහපත් ළමා කාලයක්‌ නොතිබුණ බව පර්යේෂණවලින් හෙළිව තිබේ.
 
 එනිසාම රටක අනාගත ආයෝජනය වන ළමා පරපුර රැකගැනීමට අප දෙවුර මත පැටවුණු අත්හල නොහැකි වගකීමක්‌ බව තේරුම් ගත යුතුව ඇත.
 
 නමුත් අප රටේ දැන් දැන් සිදුවන සිද්ධීන් දෙස බැලූ විට අපේ ළමා පරපුර දරුණු ෙ€දවාචකයකට ලක්‌ව ඇති බව පැහැදිලිය.
 
 මේ වසරේ ගතවුණ මාස හය තුළදී අපරාධ සහ ළමා අපචාර පිළිබඳ විමර්ශන ගොනු 7503 නීතිමය පරීක්‍ෂණ කටයුතු නිමකර චූදිතයන් 4782 කට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
 
 මෙම සංඛ්‍යා ලේඛනවලින් සනාථය වන්නේ අප රටේ දරුවන් මුහුණ දී ඇති දරුණු ව්‍යසනයකි. මෙය කාලාන්තරයක්‌ තිස්‌සේ අප රටේ සිදුවේ. අප රටේ බොහෝ විට ළමා අපචාර සිද්ධීන් පිළිබඳ මාධ්‍ය පවා කතාකරනු ලබන්නේ යම් සිද්ධීන් මත පමණක්‌ වීම කණගාටුදායක කරුණකි. 'සේයා' දැරිය අපයෝජනයට ලක්‌ වී ඝාතනය වූ මොහොතේ ශ්‍රී ලාංකීය මුළුමහත් සමාජයම ඉන් කම්පනයට ලක්‌විය. ළමා අපචාරකයන්, දූෂකයන් එල්ලා මැරිය යුතු යෑයි බොහෝ දෙනා කීහ. නමුත් කාලයාගේ ඇවෑමෙන් එම හඬ නිහඬ වී තිබේ. අද එම සිද්ධීන් ගැන කතා කළ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සමාජයේ විවිධ පාර්ශ්ව ද ළමා අපචාරවලින් අප රටේ දූ දරුවන් මුදාගත හැකි සක්‍රීය වැඩපිළිවෙළක්‌ පිළිබඳව කතිකාවක්‌ ගොඩනගා නැත. එනිසාම අදටත් අප මාතෘ භූමියේ මේ මොහොතෙත් කවුරුන් හෝ පාපතරයකුගේ කුණු කයට මල් කැකුළු තලා පොඩිවන එක අඛණ්‌ඩව සිදුවීම ජාතියේ අවාසනාවකි.
 
 පසුගිය 31 වැනිදා රත්නපුර අංක 02 දරණ මහාධිකරණයේ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා වෛද්‍යවරයකුට බරපතළ වැඩ ඇතිව වසර හතක සිරදඬුවමක්‌ නියම කර තිබිණි. මෙම වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ 13 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කිරීමයි.
 
 වෛද්‍ය වෘත්තිය යනු උතුම් වෘත්තියකි. එවැනි වෘත්තියකට පවා නිගාදෙන මෙවැනි වෛද්‍යවරුන් සමාජයට පිළිලයකි.
 
 මෙම තිරිසන් වෛද්‍යවරයා දරුවා අපයෝජනයට ලක්‌කර ඇත්තේ වෛද්‍ය නිල නිවසේදීය. මේ අයුරින් ඇතැම් අවස්‌ථාවලදී තම ගෘහයේදී නාකි සීයලා අතින් දරුවන් අපයෝජනයට ලක්‌ව තිබූ අවස්‌ථා පසුගිය කාලයේදී වාර්තා විය. එනිසාම අපේ දෙමාපියන් තම දරුවන්ගේ ආරක්‍ෂාව පිළිබඳව දැනට වඩා වැඩි අවධානයක්‌ යොමු කළ යුතුව ඇත.
 
 මීට අමතරව දරුවන්ව අපචාරවලින් මුදාගැනීමට නම් දරුවන් සමඟ විවෘතව මෙම ප්‍රශ්නය සාකච්ඡා කළ යුතුව ඇත. එසේ වූ විට දරුවන්ට අමාරුවේ නොවැටී තමාගේ ආරක්‍ෂාව සලසා ගැනීමට යම් ඉඩක්‌ ලැබෙනු ඇත. එසේම දරුවන් රැක ගැනීම සඳහා සමස්‌ත වැඩිහිටි සමාජයම මෙන්ම ආගමික නායකයන් ද පෙරට ආ යුතුය.
 
 අප රටේ දරුවන් වෙනුවෙන් වූ අමාත්‍යාංශයක්‌ තිබේ. ඊට අනුබද්ධිත ආයතන රාශියක්‌ ද තිබේ.
 
 මෙම ආයතනවල දහස්‌ ගණන් සේවය කරති. මේ සෑම අයකුගේම යුතුකම විය යුත්තේ දරුවන්ගේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් කැපවීමය. දරුවන් අමාරුවේ වැටෙන්නට පෙර ක්‍රියාත්මක වීම ඔවුන්ගේ වගකීම බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.

 

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles