Divaina - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ‘වයිට්වොෂ්’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

sr‘කි‍්‍රකට්’ යනු ශී‍්‍ර ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම ආදරය කරන කී‍්‍රඩාවය. මිනිසුන් කි‍්‍රකට්වලට මෙපමණ ආදරය කරන්නේ මානසික ව්‍යාධියක් නිසා නොව ඔවුන්ට ජයග‍්‍රහණය භුක්ති විඳිය හැකි එකම කී‍්‍රඩාව ‘කි‍්‍රකට්’ බැවිනි. වසර 50උකට පමණ වරක් ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා ශී‍්‍ර ලංකාවේ පරාජිත දුක් කඳුළු සියල්ල පිසදා දැමුවේ ‘කි‍්‍රකට්’ විසිනි. ශී‍්‍ර ලාංකිකයන්ගේ යටත් විජිත සතුරා වන එංගලන්තය පමණක් නොව කරදරකාරී මිතුරකු වන ඉන්දියාවද පරාජය කිරීමට අපට ඉතිරිව තිබූ එකම තුරුම්පුව වූයේ ‘කි‍්‍රකට්’ය. නමුත් ඒ ජයග‍්‍රාහී කී‍්‍රඩාව අද වන විට ¥ෂිත කළමනාකාරිත්වය විසින් විනාශය කරා රැුගෙන ගොස් තිබේ.
 
 1996 වසරේ ශී‍්‍ර ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලනය කරනු ලැබුවේ සුමතිපාල, රණතුංග සහ ධර්මදාස පාර්ශ්ව තුන විසිනි. තට්ටු මාරු ක‍්‍රමයට පාලනය ගෙන ගිය මෙම පාර්ශ්වයන්ගෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට වැඩිම හානියක් සිදු වූයේ පසුගිය වසර 4ක පාලන කාලයේදීය. 2015 වසරේ සිට 2019 දක්වා ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා කළ එක් දින තරග 106න් තරග 66ක් පරාජයට පත් වී තිබේ. ඊට පූර්ණ තරගාවලි පරාජයන් :(Whitewash) 6ක් ඇතුළත්ය. මෙම කාලය තුළ කී‍්‍රඩා කළ ටෙස්ට් තරග 49න් තරග 24ක් පරාජයට පත්ව තිබෙන්නේ පූර්ණ තරගාවලි පරාජයන් :(Whitewash)  8ක් සමගිනි. මෙපමණ අන්ත පරාජයන් ලබා තිබියදීත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් අති විශාල වැටුප් ලබමින් තමන්ගේ තනතුරුවල වැජඹෙන්නේ කිසිදු හිරිකිතයක් නොමැතිවය. ඔවුන් තමන්ට එල්ල වන විරෝධයෙන් බේරී සිටින්නේ කි‍්‍රකට් නායකයන් සහ පුහුණුකරුවන් බිල්ලට දෙමිනි. එම බිලි පූජාවේ මුල්ම ගොදුර බවට පත් වූයේ දක්‍ෂ පුහුණුකරුවකු වූ ග‍්‍රැහැම් ෆෝඞ් සහ නායක ඇන්ජලෝ මැතිව්ස්ය. මේ මොහොත වන විට එම ¥ෂිත යාන්ත‍්‍රණයේ අලූත්ම ‘බිලිබෝයි’ බවට පත්ව තිබෙන්නේ පුහුණුකරු චන්දික හතුරුසිංහය. කනගාටුවට කරුණ වන්නේ කී‍්‍රඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු ද මෙම දුෂිතයන්ගේ තීරණ අනුමත කරමින් සිටීමය.
 
 1999 වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව පළමු වටයෙන්ම ඉවතට විසිවීමෙන් පසු එවකට ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග විසින් තිලංග සුමතිපාලගේ විධායක කමිටුව ඉවත් කර කි‍්‍රකට් පරිපාලනය අතුරු කමිටුවක් යටතට පත් කළේය. එම අතුරු කමිටුවේ ප‍්‍රධානියා වූයේ කීර්තිමත් පරිපාලකයකු වූ රියැන්සි විජේතිලකය. රියැන්සිගේ කමිටුවේ සාමාජිකයන් වූයේ මයිකල් තිසේරා, එස්. ස්කන්ධකුමාර්, සිදත් වෙත්තමුනි සහ කුෂිල් ගුණසේකරය. මෙම නිලධාරීන් විසින් ගනු ලැබූ තීන්දු හේතුවෙන් කි‍්‍රකට් පරිපාලනය නිවැරදි මාවතකට පැමිණි අතර මූල්‍ය කළමනාකරණය අතින් ද කි‍්‍රකට් ආයතනය වඩාත් ශක්තිමත් විය. නමුත් නැවත වරක් කි‍්‍රකට් නිලවරණයෙන් බලයට පත්වූ ¥ෂිතයන් විසින් ‘ශී‍්‍ර ලංකා කි‍්‍රකට්’ විනාශය කරා ගෙන ගියේ කී‍්‍රඩා ඇමැතිවරුන් ද ඔවුන්ගේ බත් බැලයන් බවට පත් කරගනිමිනි. මෙම ¥ෂිත යාන්ත‍්‍රණයට එරෙහි වූ එකම කී‍්‍රඩා ඇමැතිවරයා වූයේ මහින්දානන්ද අලූත්ගමගේ පමණි. ඔහු හැරෙන්නට අනෙකුත් සියලූ කී‍්‍රඩා ඇමැතිවරුන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනාශයට වගකිව යුතුය.
 
 කි‍්‍රකට් තරග පරාජයට බලපා ඇති අනෙක් ප‍්‍රධාන කරුණ වන්නේ දේශීය තරග (domestic cricket) * රටාවය. කි‍්‍රකට් නිලවරණයේ ඡුන්ද වැඩිකර ගැනීම සඳහා මේ වන විට පළමු පෙළ කී‍්‍රඩා සමාජ ගණන 20 දක්වා වැඩිකර තිබේ. මින් සිදුවන්නේ තරගාවලිය දියාරු වී ගොස් දක්‍ෂ කී‍්‍රඩකයන් බිහි නොවීමය. ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධානතම දේශීය තරගාවලිය වන ‘ෂෙෆීල්ඞ් පළිහ’ (Sheffield Shield) * ශූරතාවට තරග වදින්නේ කණ්ඩායම් 6ක් පමණි. නවසීලන්තයේ ‘ප්ලන්කට්’ පළිහ :(Plunket Shield)  ශූරතාවට තරග වදින්නේ කණ්ඩායම් 6ක් පමණි. බංගලාදේශයේ ප‍්‍රධාන දේශීය තරගාවලිය වන ජාතික කි‍්‍රකට් ලීගය නියෝජනය කරනු ලබන්නේ කණ්ඩායම් 8 ක් පමණි. කණ්ඩායම් අඩු වන විට තරගාවලිය තරගකාරී වී දක්‍ෂ කී‍්‍රඩකයන් බිහිකරගත හැකි බවට එම රටවල් ප‍්‍රායෝගිකව ඔප්පු කර තිබේ. එසේ තිබියදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාව, කි‍්‍රකට් නිලවරණයේ ගොදුරක් බවට පත්ව තිබීම ඛේදවාචකයක් නොවේද?
 
 අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම පළමු වටයෙන්ම ඉවතට විසි වී ගිය එංගලන්තය මෙවර ලෝක කුසලානය ජය ගත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාව නිවැරදිව කළමනාකරණය කර ගැනීමෙනි. වසර 2015 දී එංගලන්ත කි‍්‍රකට් පාලක මණ්ඩලය (ECB)  විසින් කි‍්‍රකට් අධ්‍යක්‍ෂ (director of cricket)  තනතුරක් ඇති කොට එම තනතුරට කි‍්‍රකට් කී‍්‍රඩාවට අදාළ තීරණ ගැනීමේ සියලූ විධායක බලතල පැවරීය. එම තනතුරට පත්වූයේ හිටපු එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රෝස්ය (Andrew Strauss) *. පුහුණුකරු තේරීමේ සිට කී‍්‍රඩකයන් නම් කිරීම ආදී සියලූ තීන්දු ගනු ලැබුවේ ඔහු විසිනි. එංගලන්තය ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමේ ‘පරිපාලන රහස’ වූයේ එයය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ගොඩගැනීමට නම් එවැනි පරිපාලන තීන්දු ගත යුතුව තිබේ. එවැනි තීන්දු නොගෙන නායකයන්, පුහුණුකරුවන් සහ කී‍්‍රඩකයන් මාරු කිරීමේ ‘සෙල්ලමෙන්’ සිදුවන්නේ ශී‍්‍ර ලාංකිකයන්ගේ ආදරණීය ‘කි‍්‍රකට්’, නුදුරේදීම රටේ වඳ වී ගිය කී‍්‍රඩාවන් අතරට එක්වීමය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles