Divaina - චම්පිකගේ කතාවට තවත් ටිකක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයාට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොදු සන්ධානය රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ ඉදිරිපත් කළ යුතු යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා ගාල්ලේ පැවැති ‘ජාතික මග’ සමුළුවට එක්වෙමින් කියා සිටියේය.
 
 එම වැඩපිළිවෙළ මේ රට ආර්ථිකමය සහ සමාජයීය වශයෙන් පරිවර්තනය කළ හැකි එකක් විය යුතු යැයි ද චම්පික රණවක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
 
 මේ රටේ පරිසරය ආරක්‍ෂා කරන, ආගමික සදාචාරය, මනුස්ස සදාචාරය, මිනිස් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේම අපේ රටේ ජනතාවට සතුටින් ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් තිබිය යුතු බවද මෙහිදී ඇමැති චම්පික අවධාරණය කර තිබිණි.
 
 ඔහුගේ අදහස් කාලෝචිතය. රටක් ලෙස ඉදිරියට යෑමට ඔහු කරන යෝජනා ප‍්‍රශස්ත මට්ටමේ පවතී, ඒ ගැන විවාදයක් නොමැත.
 
 ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොදු සන්ධානය මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය තරග කරන සෙසු සන්ධාන රට හමුවේ තම ප‍්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරනු ඇත. සියලූ සන්ධාන ද තම අපේක්‍ෂකයා රජකරවීම පිණිස වඩා ජනපි‍්‍රය වඩා ආකර්ෂණීය වූ ප‍්‍රතිපත්ති මාලා රට හමුවේ තබනු ඇත. බොහෝ විට අවසන් මොහොතේ ජනාධිපති අපේක්‍ෂක ඡුන්ද සටන ප‍්‍රධාන පාර්ශ්ව දෙකක් වීමේ ඉඩකඩ වැඩිය. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවා ප‍්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණයට තුන් කොන් සටනක් නොවනු ඇති බවයි.
 
 ඕනෑම අපේක්‍ෂකයකුට රට හමුවේ යෝජනා ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළ හැකිය. නමුත් රටේ ජනතාවට වැදගත් වනුයේ ඒවා සත්‍ය ලෙසම මේ මාතෘභූමිය තුළ කි‍්‍රයාත්මක වේද යන්නයි. එනිසා ඇමැති චම්පික රණවක මහතා නියෝජනය කරන පාර්ශවය හෝ අන් පාර්ශ්ව රට හමුවේ තබන ප‍්‍රතිපත්ති යෝජනා කි‍්‍රයාත්මක කරන බවට සහතිකයක් ලබාගත හැකි ක‍්‍රමවේදයක් තිබේ නම් වඩා වැදගත් වනු ඇත. කවරකුගේ හෝ ප‍්‍රතිපත්ති සහ යෝජනා ගැන විශ්වාසය තබා ඡුන්දය ප‍්‍රකාශ කරන ඡුන්දදායකයාට ඒවා තමන්ගේ ඇස්පනා පිට යථාර්ථයක් නොවේ නම් ඔවුන්ගේ අපේක්‍ෂා සිහිනයක් පමණක් වනු ඇත. පොරොන්දු මලූවලට, ඡුන්ද ගුණ්ඩුවලට අපේ රටේ ජනතාව රැුවටුණු අතීතයම ඔවුනට අනාගතයේදී අත්විඳීමට සිදුවන්නේ නම් එය මහත් ඛේදවාචකයක් වනු ඇත.
 
 හෙට දවසේ මේ රටේ කවුරුන් පාලන බලය අතට ගත්තද ඔවුන් පණ දිය යුත්තේ රටේ නිෂ්පාදන කි‍්‍රයාවලිය පණගන්වන ආර්ථිකයටය. අදටත් අප රටට වැඩිම විදේශ විනිමයක් ලැබෙනුයේ මැදපෙරදිග ගෘහ සේවයේ යෙදී සිටින අපේ අම්මලා ඇතුළු කාන්තා පාර්ශ්වයෙනි. අප ඒ ගැන ලැජ්ජා විය යුතුය.
 
 අපේ රටේ පවතින දේශගුණික තත්ත්වය අනුව අවුරුද්ද පුරාම බව භෝග වගා කර ගැනීමේ දුෂ්කරතා නොමැත. නමුත් අපේ රටට අදත් මේ රටේ වගා කළ හැකි බව භෝග ආනයනය කෙරේ. ඇල්පෙනෙත්තත් චීනෙන් හෝ වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට තරම් මේ රට පත්ව ඇත. කෘෂිකර්මාන්තයට සමගාමීව අපේ රටේ මානව සම්පත් ප‍්‍රයෝජනයට ගත හැකි කර්මාන්තශාලා ඇතිකළහොත් වැඩි කල් නොගොස් අප රට ගොඩගත හැකිය. වර්ෂයක් පාසා අපේ රටෙන් පිටවන උපාධිධාරීන් නිසි ලෙස කළමනාකරණය කර ආර්ථිකයට සැබෑ ලෙස දායක කර
 
 ගැනීමේ වැඩපිළිවෙළක් අපට තවමත් නොමැත. ‘‘සංවර්ධන නිලධාරීන්” යන ලාංඡුනය යටතේ කොහේ හෝ ආයතනයකට නැතිනම් දෙපාර්තමේන්තුවකට මේ අය අනුයුක්ත කර තැබීම හැර සැබෑ ලෙසම මේ උපාධිධාරීන්ගෙන් රටට වැඩක් ගන්නා බවක් නොපෙනේ. රාජ්‍ය සේවකයන් ලක්‍ෂ ගණනක් සිටිය ද ඔවුන්ගෙන් ආර්ථිකයට දායක කර
 
 ගන්නා ප‍්‍රමාණය ගැන සෑහීමකට පත්වීමට නොහැක. අප රටේ සැලකිය යුතු මිනිස් ශ‍්‍රම පැය දහස් ගණනක් දිනකට අපතේ යන බව රහසක් නොවේ. ඊළඟට මේ රට භාරගන්නා නායකත්වය සත්‍ය ලෙස මෙම යථාර්ථය තේරුම් ගත යුතුය. නිරවුල් දේශපාලන නායකත්වය සහිත විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඔස්සේ මේ රට මෙහෙයවන නායකත්වයකට හෙට මේ රට ගොඩගත හැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles