Divaina - ප‍්‍රභූ ‘‘ඩිපෙන්ඩර් චණ්ඩි’’

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

පසුගිය කාලයේදී කොලොන්නාව ප‍්‍රදේශය නියෝජනය කරන මන්ත‍්‍රීවරියකට චෝදනා එල්ල වූයේ තරුණයකුට පහරදීමක් සම්බන්ධයෙනි. එම මන්ත‍්‍රීවරියගේ සහචරයන් අදාළ තරුණයා රැගෙන යෑමට පාවිච්චි කළේ ඩිපෙන්ඩර් රථයකි.
 
 කොළඹ ප‍්‍රසිද්ධ නිමි ඇඳුම් අලෙවි සලකදී අප රටේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පුතකුට පහරදීමක් සිදුවිය. එම ප‍්‍රහාරයට ආ අයත් ප‍්‍රහාරය එල්ල කර පලා යෑමට පාවිච්චි කර තිබුණේ ඩිපෙන්ඩර් රථයකි.
 
 වරක් පාතාලයේ කෙරුමකු වන කැසිනෝ වසන්තද කටුනායක සිට කොළඹට ඩිපෙන්ඩර් රථයෙන් ඉගිලෙමින් අනතුරු දෙකක්ම සිදුකළේය.
 
 ප‍්‍රහාරයක් එල්ල කර ආරක්‍ෂිතව වේගයෙන් පලායෑමට ඇති හැකියාව නිසාම ඔහු තම මැර කි‍්‍රයා සඳහා ඩිපෙන්ඩර් රථ පාවිච්චි කරන අයුරු දැකගන්නට ලැබේ. ප‍්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා ගෙන්වන ලද ඩිපෙන්ඩර් රථ අවභාවිතයේ යෙදවීම මේ රටේ නරක මුග්ධ සංස්කෘතියේ කොටසක් බවට පත්වීම ඛේදවාචකයකි. තමන්ට ප‍්‍රභූ ආරක්‍ෂක ඩිපෙන්ඩර් රථ තිබූ පමණින් සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම සඳහා ඒවා අවභාවිතා කිරීම චණ්ඩිකමක් නොවන බව මේ උදවිය තේරුම් ගත යුතුය. පසුගිය කාලයේදී දේශපාලනඥයන් රැගත් ප‍්‍රභූ රථ සාමාන්‍ය ජනතාව හප්පා පලා ගිය අයුරුද අසන්නට දකින්නට ලැබුණි. මේ ඩිපෙන්ඩර් චණ්ඩි සිවිල් ජනතාවගේ ජීවිත තුට්ටු දෙකකටවත් මායිම් නොකිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි.
 
 පසුගිය 16 වැනිදා කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේදී වෑන් රථයකට පහරදෙන හොරිකඩ චණ්ඩි කීපදෙනකුගේ කි‍්‍රයාකාරකම් අපට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවීව දැක ගැනීමට හැකියාව ලැබුණි.
 
 හබරාදුවේ පදිංචි ව්‍යාපාරිකයකු සිය පවුල සමඟ නුවර දළදා මාළිගාව වැඳ පුදා ගැනීමට යෑමේදී මෙම ඩිපෙන්ඩර් චණ්ඩි එම ව්‍යාපාරිකයාගේ රථයට පහරදී තිබුණි. වෑන් රථයේ රියැදුරු පොලිසියට ලබාදී තිබුණු පැමිණිල්ලේ සඳහන් වූයේ ඩිපෙන්ඩර් රථයකට හා ප‍්‍රාඩෝ රථයකට ඉදිරියට ගමන් කිරීම සඳහා ඉඩලබා දුන්නේ නැති බව පවසමින් මෙම ප‍්‍රහාර සිදුකළ බවයි.
 
 මෙම ප‍්‍රභූ යැයි කියා ගන්නා රථ දෙක වෑන් රථය පසුකර ඉදිරියට යෑමට අවස්ථාව ඉල්ලා තිබුණේ පාරේ පටු ස්ථානයකදී බැවින් තමාට ඊට ඉඩක් ලබාදිය නොහැකි වූ බවද රියැදුරා ප‍්‍රකාශ කර තිබුණි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතර දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහෙස්ත‍්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් අනතුරුව රක්‍ෂිත
 
 බන්ධනාගාර ගතකර ඇත. කෙසේ වෙතත් මෙම සිද්ධියට අනුබල දුන් ප‍්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන නැති බව පැවසේ. මෙම සිද්ධියට සම්බන්ධ සියලූ දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතුය. බැරිවෙලාවත් මෙම සිද්ධිය වූ දින වෑන් රථයේ සිටි රියැදුරු ඇතුළු අනෙක් පිරිස බිමට බැස්සේ නම් මේ හරක් ටික ඔවුන්ට අම්බානට නෙළන බව සහතිකය. එනිසා කාටත් ආදර්ශයක් විය හැකි පරිදි මෙම සිද්ධියට සම්බන්ධ සියලූ දෙනාට උපරිම දඬුවම් ලබාදිය යුතුය.
 
 මේ රටේ සෑම මැති ඇමැතිවරයකුටම ප‍්‍රභූ ආරක්‍ෂාවක් ලබාදීම සාමාන්‍ය සිරිතකි. එවන් ප‍්‍රභූන් මහමග ගමන් ගන්නා විට පාරේ ඉඩකඩ ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. නමුත් ඊට මුවාවී ජනතාව තලා පෙළා පීඩාවට පත්කිරීමට කිසිදු අයකුට ඉඩදිය යුතු නැත.

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles