Divaina - දෙවියන්ටම පෙනීයන්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


  ශ්‍රී ලංකාව යනු රාජ්‍ය නිලධාරි වාදයෙන් සහ ඔවුන්ගේ අකාර්යක්‌ෂම පාලනයෙන් අන්ත පරිහානියට පත්වෙමින් තිබෙන රාජ්‍යයකි. රාජ්‍යයක සියලු වගකීම රැඳී ඇති මෙම නිලධාරීන් තමන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම නිසා බලවත් අප්‍රසාදයට පත් වන්නේ රටේ ආණ්‌ඩුවය. ආණ්‌ඩුව මහජනතාවගේ අප්‍රසාදයට පත් වීමට දේශපාලනික කාරණා හේතු වුව ද ඒවා කළමනාකරණය කර ගැනීමට ආණ්‌ඩුවට හැකියාව තිබේ. මෙහිදී ආණ්‌ඩුව කරන නරකම ක්‍රියාව වන්නේ රටේ රාජ්‍ය නිලධාරීන්ව දේශපාලනය වෙනුවෙන් කළමනාකරණය කිරීමය. මේ හේතුවෙන් රටේ හදවත බඳු පරිපාලනය මෙහෙයවීමට ඉතිරි වන්නේ බත් බැලයන් බඳු රාජ්‍ය නිලධාරීන් පිරිසකි. මොවුන්ගේ තීන්දු, තීරණ හේතුවෙන් රට ෙ€දජනක අනාගතයක්‌ වෙත ගමන් කරමින් තිබේ.
 
 අම්පාර ඩී. එස්‌. සේනානායක විදුහලේ අබලන් ගොඩනැඟිල්ලක්‌ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කලාප අධ්‍යාපන කාර්යාලයට ගිය දෙමාපියන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයා හමුවීමට නොහැකි වී තිබේ. කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය දෙමාපියන්ට පවසා ඇත්තේ කලාප අධ්‍යක්‌ෂවරයා රාජකාරි කටයුත්තක්‌ සඳහා පිටත්ව ගොස්‌ ඇති බවකි. එය සත්‍යයක්‌ විය හැක. කලාප අධ්‍යක්‌ෂවරයා යනු කාර්යබහුල නිලධාරියෙකි. නමුත් ඔහු කාර්යාලයෙන් පිටතට යන විට ඔහු වෙනුවට රාජකාරි බැලීමට නියෝජ්‍ය කලාප අධ්‍යක්‌ෂවරයා සිටිය යුතුය. ඔහුත් නොමැති නම් වෙනත් නිලධාරියෙක්‌ ඒ සඳහා යෙදවිය යුතුය. මේ පැමිණිල්ල මරාන්තික පැමිණිල්ලකි. මෙය අසරණ පාසල් දරුවන්ගේ ජීවිතය හා මරණය තීන්දු කිරීම සඳහා ගත යුතු පරිපාලන තීන්දුවකි. නමුත් එම පරිපාලන තීන්දුව ගැනීමට නිලධාරියකු කලාප කාර්යාලයේ නැත. දෙමාපියන් ඊළඟට යන්නේ අම්පාර දිසා ලේකම් කාර්යාලයට. ඒ දිසා ලේකම්වරයා හමුවීමටය. එහිදී ද දිසා ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනිය පවසන්නේ දිසා ලේකම්වරයා රාජකාරි කටයුත්තක්‌ සඳහා පිටතට ගොස්‌ ඇති බවකි. දිසා ලේකම් නොමැති නම් සහකාර ලේකම්වරයා කාර්යාලයේ සිටිය යුතුය. ඔහුත් නොමැති නම් ඒ සඳහා වෙනත් නිලධාරියකු සිටිය යුතුය. නමුත් දෙමාපියන්ගේ දුක්‌ ගැනවිල්ලට සවන් දීමට කිසිදු නිලධාරියකු කාර්යාලයේ සිට නැත. අවසානයේ දෙමාපියන්ට සිදු වන්නේ ඩී. එස්‌. සේනානායක පාසලේ දරුවන්ගේ ජීවිතය දෙවියන්ට භාර කර ආපසු නිවෙස්‌වලට යැමය. අසරණ ජනතාවගේ බදු මුදල්වලින් නිදහස්‌ අධ්‍යාපනය ලැබ, ඉන්පසු රටේ වගකිය යුතු උසස්‌ තනතුරු ලැබ, එම තනතුරු සඳහා ජනතාවගේ බදු මුදල්වලින්ම වැටුපක්‌ ලබන රාජ්‍ය නිලධාරීන් මෙලෙස හැසිරීම තරම් කාලකණ්‌ණිකමක්‌ රටකට නැත. ෙ€දවාචකය වන්නේ මේ කාලකණ්‌ණි රාජ්‍ය නිලධාරීන් හේතුවෙන් අසරණ දරුවන්ට ජීවිතවලින් වන්දි ගෙවන තැනට කටයුතු සිදුවීමය.
 
 මීට පෙර 2017 වසරේ මහනුවර වත්තේගම සිරිමල්වත්ත මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැඟිල්ලක වහලය කඩා වැටීමෙන් සිසුහු 15 දෙනකු සහ ගුරුවරියක තුවාල ලැබූහ. එම ගොඩනැඟිල්ලේ වහල කඩා වැටුණේ මහනුවර අබලන් පාසල් ප්‍රතිසංස්‌කරණයට මුදල් වෙන් කර එම මුදල් යළි භාණ්‌ඩාගාරයට හරවා යවා තිබියදීය. මෙම මුදල් යළි භාණ්‌ඩාගාරයට යැම පිටුපස ඇත්තේ දූෂිත ගනුදෙනුය. බොහෝ විට ප්‍රාදේශීය දේශපාලනඥයාගේ හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට අදාළ ව්‍යාපෘති භාර නොදුන් පසු සිදුවන්නේ පාසලේ ප්‍රතිසංස්‌කරණ කටයුතු ඇනහිටීමය. ඇතැම් විට අම්පාර ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ ගොඩනැඟිල්ලට අත් වී ඇත්තේ මේ ඉරණම විය හැක.
 
 රටේ පරිපාලන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් දක්‌වන කැපකිරීම අගය කළ යුතුය. නමුත් රට අනතුරට පත් වීමට එක්‌ අකාර්යක්‌ෂම රාජ්‍ය නිලධාරියකු සිටියොත් ඒ හොඳටම ඇතිය. පාස්‌කු බෝම්බය පුපුරා යන්නේ එවන් අකාර්යක්‌ෂම රාජ්‍ය නිලධාරීන් රොත්තකගේ දායකත්වයෙනි. මේ රාජ්‍ය නිලධාරීන්ගෙන් පරිස්‌සම් වීම ආණ්‌ඩුවේ පැවැත්මට ඉතා ගුණදායකය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles