Divaina - හාල් මාෆියාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 haaala වෙළෙඳපොළේ සහල් මිල අහස උසට නැග තිබේ. සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 105-115 දක්වාද , හොඳ වර්ගයේ සම්බා කිලෝව රුපියල් 180 - 190 දක්වාද මිල ඉහළ ගොස් තිබේ. මීට අමතරව ඉහළම වර්ගයේ සම්බා කිලෝව රුපියල් 360-380 අතර වේ. කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 80-85 මට්ටමේ පවතී. රටේ බහුතරයක් ජනතාව තුන් වේලටම බත් කන රටක් ලෙස මෙය ජනතාවට දරාගන්නට අසීරු මට්ටමක මිල ඉහළ යාමකි.
 
 සහල් මිල මේ තරමට ඉහළ ගොස් තිබියදී වී මිල පහළ බැස තිබේ. සහල් මිල ඉහළ නම් ඊට සාපේක්ෂව වී මිල ඉහළ මට්ටමේ තිබිය යුතු වුවද වී මිල පහළ යාම පසුපස සිටින බලවේගය මහා පරිමාණ මෝල් හිමියන්ය. සැබවින්ම කුණු කොල්ලයට වී මිලදී ගෙන එමෙන් කීපගුණයක් ලාභ තබාගෙන ජනතාව අසීමිත ලෙස ගසා කන්නේ මේ මහා පරිමාණ මෝල් හිමියන්ය.
 
 මෙවර යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 දක්වා ද සම්බා වී කිලෝවක් 43 දක්වා ද ලෙස වී සඳහා සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබේ.
 
 එසේම අපේ‍්‍රල් පළමු වැනිදා සිට සහල් සඳහාද උපරිම මිලක් රජය මගින් හඳුන්වා දී තිබේ. අපේ‍්‍රල් මාසෙ පළමුවැනිදා සිට නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80 ක් වන අතර සම්බා හාල් කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 85 කි.
 
 වෙළෙඳුන්ට මීට වඩා සිල්ලර මිල වැඩිකළ නොහැකි අතර එම මිලට වඩා වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික අධිකාරිය රටපුරා වැටලීම් සිදු කෙරේ. එසේම ගොවියාගේ වී මිල වැඩිවෙන ගාණට හාල් වල මිලත් වැඩිවෙන ආකාරයට සහල් මිල සුත‍්‍රයක්ද හඳුන්වා දී තිබේ. මේ වන විට කැබිනට් මණ්ඩලයට ද මෙය ඉදිරිපත්කර තිබේ.
 
 එහෙත් ඇමැතිවරයා කෙසේ කීවද අදටත් අපේ රටේ වී ගොවියා වී සඳහා නිසි මිලක් නොමැතිව අසරණව සිටිති. අද අපේ රටේ සහල් මිල පාලනය කරන්නේ මහා පරිමාණ මෝල් හිමියන් කීප දෙනෙකු විසිනි. මුලින්ම මේ මහා පරිමාණ මෝල් හිමියෝ තම ඒකාධිකාරය පවත්වා ගැනීම සඳහා කුඩා පරිමාණ මෝල් විවිධාකාරයෙන් වසා දැමුහ. ඉන්පසුව වී සඳහා මිල නියම වූයේ මේ මහා පරිමාණ මෝල් හිමියන් කීපදෙනාගේ අභිමතය අනුවය. මේ මෝල් හිමියන් බොහෝ විට අසරණ
 
 ගොවීන්ගෙන් රුපියල් විස්සට විසිපහට වී මිලදී ගත්තද සහල් අලෙවි කරන්නේ එම මුදල මෙන් තුන් හතර ගුණයක් ලාභ තබා ගෙනය.
 
 සහල් මිල පාලනය කරන්නට නම් සම්බා සඳහා වන මිල පාලනය සියලූම සම්බා වර්ග සඳහා එකම මිලක් වන ලෙස පැනවිය යුතුය. එසේ නොකළහොත් වී මෝල් හිමියන් විවිධ නම්වලින් සහල් නම් කරමින් විවිධ මිල ගණන් වලට සම්බා අලෙවි කරති. එසේම සහල් මිල අඩුවන තුරු සහල් අපනයනය වහාම තාවකාලිකව නතර කළ යුතුය. එසේම මහාපරිමාණ සහල් මෝල් හිමියන් විසින් අලෙවි කරන සහල් බෑග් වල අදාළ පාලන මිල සඳහන් කළයුතු අතර එසේ නොකරන අවස්ථාවල අදාළ සහල් මෝල් සීල් තැබිය යුතුය.
 
 මීට පෙර ආණ්ඩුව සහල් සඳහා මිල පාලනය පැනවූ සෑම අවස්ථාවකම මහා පරිමාණ මෝල් හිමියන් කළේ වැඩි මිලට සහල් අලෙවි කරන ලෙස වෙළෙඳුන්ට පවසා පාරිභෝගික අධිකාරියෙන් අදාළ වෙළෙඳසල් වැටලූ විට ඊට අදාළ දඩය මෝල් හිමියා විසින් ගෙවා දැමීමය. සහල් මාෆියාව ඒ තරමට ප‍්‍රබලය. එම නිසා දඩ නියම කරන විට හෝ අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා විට වෙළෙඳසල් හිමියාට මෙන්ම අදාළ මෝල් හිමියාට ද දඬුවම් ලබා දෙන ආකාරයට නව නීති ගෙන ඒම කළ යුතුය.
 
 සහල් මිල ඉහළයාම කෙසේ හෝ පාලනය කිරීම රටේ ප‍්‍රධාන අවශ්‍යතාවයකි. අඩුම තරමින් සහල්, පොල්, අල, ලූණු ආදී අත්‍යවශ්‍ය ආහාර කීපයක් හෝ ජනතාවට අඩු මුදලට ලබාදී ජනතාවගේ ජීවන වියදම අඩු කළ යුතුය. ලොව ධනවත් රටවල පවා මහජනතාවට අවම ජීවන මට්ටමක් පවත්වා ගෙන යා හැකි ආකාරයට විවිධ ක‍්‍රමවේද සකස් කර තිබේ. මේ වන විට අපේ රට මුහුණදී සිටින අයහපත් ආර්ථික තත්වය මත සාමාන්‍ය ජනතාව ජීවත්වන්නේ ඉතාම අසීරුවෙනි. එම නිසා සහල් මිල අඩු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා කිසිදු බලපෑමකට යටත් නොවී දැඩි තීරණ ජනතාව වෙනුවෙන් රජය විසින් වහාම ගත යුතුව තිබේ. ඒ අතරේ ගොවියාද රැුක ගත යුතුය. ගොවියාට සාධාරණ මිලක් වහාම සහතික කළ යුතුය.
 
 ගොවි පුතෙකු රටේ ජනාධිපති පදවිය දරන රටක ගොවියා වෙනුවෙන් දැඩි තීරණ ගෙන කෘෂිකර්මාන්තය මෙන්ම පාරිභෝගික ජනතාවද රැුක ගැනීම සඳහා අවශ්‍ය තීරණ නොපැකිලව නොබියව ගන්නා ලෙස අපි රජයට බල කර සිටින්නෙමු.

 

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles