The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

පන්නිපිටියේ මාඹුල්ගොඩ පදිංචිව සිටි අමාලි චතුරිකා මිය ගොසිනි. සබරගමු විශ්වවිiාලයේ ශිෂ්‍යාවක වූ ඇය මියයන්නේ ගෙල වැලලා ගැනීම නිසා ය. දෙදහස් පහළොවේ පෙබරවාරි 15 වැනිදා එසේ ගෙල වැලලා ගැනීමට පෙර ඇය ලියූ අන්තිම කැමැති පත‍්‍රයේ මෙසේ සඳහන් ය; ‘‘මගේ මිනිය පුච්චන්න, පුළුවන්නම් බොරැුල්ලේ කනත්තේදී. ඒ තමයි අදටත් මම දේවි බාලිකා විදුහලට ආදරේ නිසා. ඒ ආසන්නයේම වැළලෙන්නට ඇති කැමැත්ත. මගේ පොත් සේරම මගේ මිනියත් එක්කම පුච්චන්න. මගේ ක්ච එකයි ඔ්ඉ එකයි ඡුයදබැ එකයි තරින්දිට දෙන්න. මගේ පොත්වල තියෙන සල්ලිවලින් මගේ අවමංගල්‍යය චාමෙට කරන්න. සබරගමු කැම්පස් එකේ කිසිම ළමයකුට මගේ අවමංගල්‍යයට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස තරයේම ඉල්ලා සිටිනවා. මට කිසියම් උරුමයක් තිබෙනවා නම් ඒ සියල්ල මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන්න....’’
 
 අමාලි චතුරිකා ගෙල වැලලා ගන්නේ නවක වධය ඉවසාගන්නට බැරිම තැනය. සබරගමු සරසවියේ සිටි ජ්‍යෙෂ්ඨම සිසුවියන් දෙදෙනකු වූ මාෂා අතුකෝරළ සහ ඉසුරු අකරවිට යන දෙදෙනා අමාලි චතුරිකාට නීච ලෙස වධ දුන්හ. (ඉසුරු අකරවිට යනු මිනිසකු නොව ගැහැනියක බව නැවත මතක් කර දෙමු.* ඒ කාලකණ්ණි රකුසියන් දෙදෙනා සබරගමු විශ්වවිiාලයේ සිටි කාමුක වනචර ශිෂ්‍යයන් කිහිපදෙනකු ලවා අමාලි චතුරිකාට ලිංගික වධ දී ඇත. ඊළඟට ඇයට බ්ලූ ෆිල්ම් පෙන්වා ඒවායේ සිටින නිළියන්ගේ ලිංගික හැසිරීම් රඟ දක්වන ලෙසට බල කර ඒවා ප‍්‍රතික්‍ෂේප කළ විට සරසවියේ උඩුමහලකින් බිමට පනින ලෙස බලකර ඇත. ලිංගික කර්මාන්තයේ මස්තක ප‍්‍රාප්තියේදී බ්ලූ ෆිල්ම් නිළියන් කෑ ගසන පරිදි කෑ ගසන ලෙස ඇයට බල කර ඇත. බ්ලූ ෆිල්ම් එකක් යනු තනිකරම මස් මඩුවකි. ඒවායේ පෙන්වන ජාති ස්වභාවික ගැහැනුන් හා මිනිසුන් සැතපෙන සයනයක් මත සිදු නොවේ. යම් හෙයකින් එවැනි දෑ යුවළක් අතර සිදුවේ ද ඒ දෙපළගේ මොළය ඉතාම අබලන්ය . මාෂා හා ඉසුරු යන ගැහැනුන් දෙදෙනාගෙන් මාෂා අතුකෝරළ දැන් කසාද බැඳලාය. අනෙක් ගැහැනියට කුමක් වී ඇද්දැයි තවම අපි නොදනිමු. එහෙත් ඔවුන් ජීවත්වන ගෙවල් මේ ලෝකයේ තිබෙන වඩාත්ම කරුමක්කාර තැන් බවට පත්වී තිබෙන්නට පුළුවන් බව අපි කියන්නේ ඔවුන් අමාලිට දුන් ලිංගික වධ බන්ධන සලකා බලාය. අමාලි චතුරිකාගේ මරණය අනියම් මිනීමැරුමක් බවට අපි යෝජනා කරමු. ඇය මිනීවළට තල්ලූ කර ඇත්තේ මාෂා, ඉසුරු යන දෙදෙනාත්, සබරගමු විශ්වවිiාලයේ සිටින වනචරයන් පිරිසත් ය. ගෙල වැලලාගත් අමාලිගේ සිරුර වැඩි කලබලයක් නැතුවම වළ දමන ලදි. අපගේ වැටහීම නම් කිසියම් කෙනෙකුගේ උවමනාව මත මේ සිද්ධිය යට ගසන ලද බවය. අමාලි චතුරිකාගේ මරණයට වගකිවයුතු නීචයන් රැුළත් එය යට ගැසූ නීචයන් රැුළත් මළ දවසට ඔවුන්ගේ සොහොන් මත අකුණු සන්නායක සවි කළ යුතු බව අපි යෝජනා කරමු. එසේ නොකළොත් උන්ගේ මිනී වළවල්වලට වදින හෙණ නිසා යාබද වළවල්වලටත් හානි සිදුවිය හැකිය. මාෂා අතුකෝරළ සහ ඉසුරු අකරවිට වහාම අත්අඩංගුවට ගත යුතු බව අපගේ අදහසය. ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළ යුත්තේ ඉඩි අමින් වැනි කෙනෙකු යොදවා බව ද කියමු.
 
 ඉහත සඳහන් මිනී මැරුමට වගකිව යුතු පාපී අමන පාර්ශ්ව තවත් දෙකක් සිටිති. ඉන් පළමුවැනි පිරිස වූ කලී පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයයි. ශ‍්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අයිතිකරුවන් ලෙස කලක් සිටි ජනතා විමුක්ති පෙරමුණේ පස්ස පැත්තට පයින් ගසා ඔවුන්ගේ කලිසම ගලවා ගත් පෙරටුගාමියෝ එම කලිසම ඔලූවේ ඔතාගෙන විශ්වවිiාල තුළට වැදී මල්වානේ රඹුටන්ගස් බදු ගත්තාක් මෙන් ශිෂ්‍ය ව්‍යාපාරය බදු ගත්හ. මල්වානේ රඹුටන් කාලය අවසන් වූ විට රඹුටන් ගස් දිස් වන්නේ අමු හෙළුවෙනි. එයට හේතුව රඹුටන් ගස් බදුගත් අය රඹුටන් ගෙඩි පමණක් නොව රඹුටන් කොළ ටිකක් සිඳගෙන යෑමය. පෙරටුගාමීන් මේ රටේ විශ්වවිiාල තුළ තිබෙන ශිෂ්‍ය ව්‍යාපාරය බදු ගෙන කරන්නෙත් ඒ හා සමාන ව්‍යාපාරයකි. ඔවුහු නවක වධය හරහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බියපත්කර ඔවුන් තම දේශපාලන පිල වෙත බා ගෙන නිරුවත් කරති. හැබැයි ඒ වන විට පෙරටුගාමීන් සිටින්නේ ද හෙළුවැල්ලෙනි. එය දේශපාලන හෙළුවකි. ඔවුන් මේ සියල්ල කරන්නේ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳ(වුම්*කාරයා වන ලහිරු වීරසේකර නමැති බත් බැලයා හරහා ය. වීරසේකර අදටත් විශ්වවිiාල ශිෂ්‍යයකු වන නමුත් විශ්විවිiාලය තුළදී පාස් වූ විභාගයක් හෝ ලබාගත් උපාධියක් නැත. 1978 දී පිහිටුවන ලද අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් බොහෝ දෙනා කසාද බැන්දේ ඔවුන් සීයලා බවට පත් විය යුතු වයසේදී ය. ඔවුන් ශිෂ්‍යයන්ට නවක වධය දෙමින් තම වයස විශ්වවිiාල තුළ ආයෝජනය කළේ ඉගෙන ගැනීමට නොව ඉදිරි ඡුන්දයකදී පාර්ලිමේන්තුවට යනු පිණිසය. දෙදහස් පහළොවේ සිට මේ රටේ විශ්වවිiාලවල සිදුවන නවක වධවල අණදෙන වධකයා ලහිරු වීරසේකරය. මෙවැනි දරුවන් නිසා ඔවුන් බිහිකළ දෙමාපියන්ට සිදුවන අපවාදය සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ මහත් කනගාටුවකි. බිත්තර තුළින් කුකුළු පැටවු සේම නයි පැටවු ද එළියට එති. වීරසේකරලාගේ පෙරටුගාමී නයි පරම්පරාව ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට නම් ඔබ මේ තීරුවේ ඉතිරි කොටස හෙට කියවිය යුතුය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dul250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

waligama250

More Articles