Divaina - Kathuwakiya

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

පසුගිය සිකුරාදා (15 දා) නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් හි ඉස්ලාම් දේවස්ථාන දෙකක සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 49 දෙනකු මියගොස් 20 දෙනකුට අධික පිරිසක් තුවාල ලැබූහ. සිකුරාදා යාඥා සඳහා ඉස්ලාම් භක්තිකයන් පල්ලියට රැස්ව සිටියදී එල්ල වූ මෙම ප‍්‍රහාරය නවසීලන්ත ඉතිහාසයේ එල්ල වූ දරුණුම ප‍්‍රහාරය වේ. ප‍්‍රහාරයෙන් පසු ජනතාව ඇමතූ නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් පැවසුවේ මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ලෙස සලකන බවය. එය ‘‘නවසීලන්තයේ අඳුරුම දින අතරින් එකක්’’ බවද ඇය පැවසුවාය. අපගේ මතය අනුව නම් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතර අයිතීන්වලට මෙන්ම මනුෂ්‍යත්වයට එල්ල වූ ප‍්‍රහාරයක් බවය. තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස ගෝලීය මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තිවලින් නීතිගත කර තිබියදී, තම ආගම අදහමින් සිටි අහිංසක නිරායුද මිනිසුන් ඝාතනය කිරීම තරම් මනුෂ්‍යත්වයට නිගාදෙන ක‍්‍රියාවක් මෙලොව නැත. එබැවින්, මෙම නින්දිත ප‍්‍රහාරය අප පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
 
 ප‍්‍රහාරය එල්ල වීමට සුළු මොහොතකට පෙර සංචාරක බංග්ලාදේශ ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ක‍්‍රයිස්ට්චර්ච් දේවස්ථානය වෙත පැමිණෙමින් සිට ඇති අතර ප‍්‍රහාරය එල්ල වන විට ක‍්‍රිකට් කණ්ඩායම රැුගත් බස් රථය තිබී ඇත්තේ දේවස්ථානයට යාර පනහක දුරකිනි. ඔවුන් ප‍්‍රහාරයට ලක්වූයේ නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සංවේගජනකම සිදුවීම බවට එය පත් වනු ඇත. මීට පෙර මෙවැනි ප‍්‍රහාරයක් පකිස්තානයේ සංචාරයක නිරත වෙමින් සිටි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල විය. 2009 මාර්තු 3 වැනිදා ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් ගඩාපි ක‍්‍රීඩාංගනයට ගමන් කරමින් සිටි බස් රථයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 6 දෙනකු සහ රියැදුරකු මියගොස් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වූ තරංග පරණවිතාන තුවාල ලැබීය.
 
 ලාහෝර්, ක‍්‍රයිස්චර්ච් හෝ ලොව ඕනෑම තැනක මනුෂ්‍යත්වයට එරෙහි මෙවැනි ප‍්‍රහාර පිටුපස ඇත්තේ ආගමික අන්තවාදයයි. මේ අන්තවාදයට දේශසීමා මායිම් නැත. මනුෂ්‍යත්වයේ වටිනාකම් පිළිබඳ වැටහීමක් නැත. කි‍්‍රස්තියානි හෝ වේවා! ඉස්ලාම් හෝ වේවා! බෞද්ධ හෝ වේවා! මේ සියලූ අන්තවාදීන්ගේ අරමුණ එකකි. තමන්ගේ ආගමට, ජාතියට එරෙහිව තවත් ආගමක්, ජාතියක් යම් දිනයක නැඟී සිටිනු ඇතැයි යන ෆෝබියාවක් මේ අන්තවාදීන්ට වැළඳී තිබේ. මෙය මානසික ව්‍යාධියකි. ශ‍්‍රී ලංකාවේ 83 කළු ජූලිය, දර්ගා නගරයේ ප‍්‍රහාරය, දිගන, මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරීම පිටුපස ඇත්තේ මේ මානසික ව්‍යාධියයි. 83 කළු ජූලියෙන් රට වසර සියයක් පසුපසට ගෙන ගිය ත‍්‍රස්තවාදී යුද්ධයට මුල පිරීය. එයින් ප‍්‍රාණය ලැබූ එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදීහු කාත්තන්කුඩියේ ඉස්ලාම් දේවස්ථානයක ආගම අදහමින් සිටි නිරායුද මිනිසුන් 147 දෙනකු කපා කොටා ඝාතනය කළහ. අරන්තලාවේදී බෞද්ධ භික්‍ෂූන් 33 දෙනකු එලෙසම ඝාතනය කරමින් ඔවුන්ගේ ම්ලේච්ඡු ෆෝබියාව ලොවටම පෙන්වූහ. ඛේදවාචකය, යුද්ධය අවසන්වී දශකයකට ආසන්න වූවද මේ අන්තවාදී ෆෝබියාව උතුරටත්, දකුණටත්, නැගෙනහිරටත් සමසේ පැතිරෙමින් තිබීමය.
 
 මිනිසා සමාජීය සත්වයකු මෙන්ම ආගමික සත්වයකුද වේ. ඔහු සතුව භෞතික ජීවිතයක් මෙන්ම අධ්‍යාත්මික ජීවිතයක්ද තිබේ. මෙම ආගමික සංස්කෘතිය මනුෂ්‍යයාගේ ප‍්‍රගමනයට කළ බලපෑම සුළුපටු නැත. නමුත් එම ආගමික චින්තනයෙන් අන්තවාදයක් නිර්මාණය වේ නම් එය මනුෂ්‍ය සංහතියේ අවසානය වනු ඇත. එබැවින් මනුෂ්‍යත්වයේ නාමයෙන් ආගමික අන්තවාදය පරාජය කිරීමට මිනිසුන් පෙළ ගැසිය යුතුය. තමන් ඉදිරිපිට සිටිනා මිනිසාගේ අයිතිවාසිකම් පිළිගන්නා ආගමික සංස්කෘතිය යළි සමාජගත කිරීම සියලූ මිනිසුන්ගේ වගකීමය. ඒ වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැඟීමට ශ‍්‍රී ලාංකිකයන් පෙරට පැමිණිය යුතුය. එය ක‍්‍රයිස්චර්ච් හි පමණක් නොව ආගමික අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ සියලූ මනුෂ්‍යයන් වෙනුවෙන් කරන උතුම්ම උපහාරය වනු ඇත.

viduli1135සිරුරු ශ්‍රී ලංකා හමුදාව ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බව මානව හිමිකම් කවුන්සිලයට ඒත්තු ගැන්වීම සඳහා කොටි හිතවාදීන් තමිල්නාඩුවේ වෝහාරික වෛද්‍ය විශේෂඥයකුවූ සේවියර් සෙල්වා සුරේශ් නමැත්තා මානව හිමිකම් සමුළුවට ගෙන්වා ඇත.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මගින් කැඳවා තිබූ සංකේත වැඩවැරුමක් හේතුවෙන් ඊයේ රටපුරා පාසල්වල කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිටිණි. පෙර දැනුම්දීමකින් තොරව සිදුකරන ලද මෙම වැඩවැරුම හේතුවෙන් රටේ පවතින පාසල් දස දහසකට අධික ප‍්‍රමාණයක කටයුතු අක‍්‍රීයවන්නට ඇතැයිද කළින් නොදන්නාකම හේතුවෙන් පාසල් පැමිණි දරුවන් දැඩි අපහසුතාවන්ට පත්වූ බවද අපි විශ්වාස කරන්නෙමු. මෙසේ දරුවන් අපහසුතාවන්ට පත්කර සිදුකරන ලද වැඩ වැරුමක් හේතුවෙන් පළමුකොටම අපි ඊට අප‍්‍රසාදය පළකරමු. ඒ කළින් දැනගෙන සිටියා නම් දෙමව්පියන් විසින් තම දරුවන් පාසල් නොයවා ඉන්නට ඉඩ තිබූ බැවිනි.
 
 එනමුත් ගුරු වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ තම ඉල්ලීම් පිළිබඳව හා වැඩවැරුම පිළිබඳව කළින් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කරන ලද බවයි.
 
 වසර 22 ක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත්කර වැටුප් වැඩිකිරීම, ඉගැන්වීමට අමතරව ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ට නියම කර ඇති අමතර කටයුතු නතර කිරීම, දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කිරීම යන ප‍්‍රධාන කාරණා ගුරු වෘත්තිය සංගම්වල ඉල්ලීම්වන බවද, වැඩවැරුම සාර්ථක වූ බවද හෙතෙම පවසයි.
 
 වෘත්තීය සංගම් කියන පරිදි රටපුරා සිටින ගුරුවරුන් (හා විදුහල්පතිවරු) 243000 දෙනා අතරින් 241000 ක් දෙනා වැඩවැරුමට සහයෝගය ලබා දී ඇති බැවින් වර්ජනය සාර්ථකය. එනමුත් ඔවුන්ගෙන් අකුරු කරන පාසල් දරුවන් හතලිස් ලක්‍ෂයක් දෙනා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය නිසා අපහසුතාවට පත්කිරීම නොහොත් ප‍්‍රාණ ඇපයට ගැනීම අපට අනුමත කළ හැකිද?ඔවුන්ට මේ සඳහා වෙනත් ක‍්‍රියාමාර්ගයක් ගතහැකිව නොතිබුණේද යන්න අපට අහන්නට සිදුවේ.
 
 දොස්තරලා ලෙඩුන් ප‍්‍රාණ ඇපයට ගැනීම, ප‍්‍රයිවට් බස් ඩ‍්‍රයිවර්ලා හා හිමිකරුවන් මගීන් ඇපයට ගැනීම මෙන්ම ගුරුවරුන් පාසල් දරුවන් ඇපයට ගැනීමද වෘත්තීය ක‍්‍රියා මාර්ගවලදී ගන්නා පහසුම ක‍්‍රියා මාර්ගයයි. ඒ නැතිව තමන්ට අසාධාරණය සිදුකරන පාලක කාරකාදීන්ට රිදෙන ආකාරයේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ගතහැකිවේ නම් එය වඩාත් සුදුසු වන්නේ යැයි අපි කල්පනා කරන්නෙමු.
 
 කෙසේ හෝ තමන්ගේ ඉල්ලීම් ලබාදීම සඳහා අපේ‍්‍රල් මස 22 වැනිදා දක්වා කල් ලබා දෙන බවද එසේ නොවුණහොත් අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, ගුරු අධ්‍යාපන සේවා වෘත්තීය සංගමය යනාදියේද සහාය ඇතිව නැවත වරක් දීප ව්‍යාප්තව දැවැන්ත වැඩවැරුමකට සම්බන්ධ වන බවද ගුරු වෘත්තීය සංගම් මෙහිදී රජයට අනතුරු හඟවා සිටී. එහි අර්ථය මෙහි තවමත් නිමාවක් නැති බවය.
 
 පෙනෙන්නට ඇති පරිදි මෙම ගුරු සංගම්වල ප‍්‍රධාන ඉල්ලීම වන වැටුප් විෂමතා ඉවත්කර වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම මෙවර අයවැය වනතෙක් බලාපොරොත්තුව සිට එම බලාපොරොත්තු කඩවූ තැන ගත් ක‍්‍රියාමාර්ගයක් බව පෙනේ. වැටුප් විෂමතා ඉවත්කිරීම සාධාරණ ඉල්ලීමක් විය හැකිවන නමුදු වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම අනෙකුත් සමාන්තර අංශ හා සැසඳීමේදී කෙතරම් සාධාරණ ඉල්ලීමක්ද යන්න විමසා බැලිය යුතුය.
 
 මන්ද, මෙවර අයවැය මල්ලෙන් තියා පසුගිය අයවැය සහන මලූවලින්ද රජයේ සේවකයන්ටම මිස පෞද්ගලික අංශවල සේවකයින්ටද වැටුප් වැඩිවීම් නොමැති වූ නිසාය. එසේම, 2015 වසරේ රු. 10,000 ක වැටුප් වැඩිවීම මේ සියලූ ගුරුවරුන්ටද ලැබෙන්නට ඇතැයි අප කල්පනා කරන නිසාය.
 
 ගුරුවරුන්ට පඩි වැඩි කිරීමේ යෝජනාවට අප විරුද්ධ නැතත් ඒ සියල්ලක්ම සාපේක්‍ෂව බැලූ කල සාධාරණ විය යුතුය. එසේම, බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ දෙවැනි ඉල්ලීම වන ඉගැන්වීමට අමතරව ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට නියමකර ඇති අමතර කටයුතු නතර කිරීමේ ඉල්ලීමද කෙතරම් සාධාරණද යන්නද විමසා බැලිය යුත්තක් බවය. කවුරුත් දන්නා පරිදි ගුරු සේවය තරම් නිදහස්, අඩු කාලයක් සේවා සපයන, ටියුෂන් පන්ති වැනි දෑ මගින් අමතර ආදායම් උපදන වෙනත් සේවාවක් නැතිතරම්ය. එය දෙවැනිවන්නේ දොස්තරලාගේ චැනල් සේවාවට පමණි. මීටත් වඩා දුෂ්කර රාජකාරි සිදුකර සොච්චම් පඩි ලබන තවත් සේවකයෝ මේ රටේ ඕනෑතරම් සිටිති. එනයින් බලන කල ගුරු වෘත්තිය සමාජයේ සෑහෙන ඉහළ තැනක තිබෙන රැුකියාවකි. එනිසා පැහැදිලිවම අසාධාරණයක් ඇත්නම් ඒ සඳහා අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර, ඔවුන්ට දැනෙන පරිදි විරෝධතාවක් හෝ දියත් කිරීම අප අසාධාරණීයකරණය කරන්නේ ද නැත.
 
 එසේම, මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇති සොච්චම නොව දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කිරීමේ ඉල්ලීම ඉතා සාධාරණ ඉල්ලීමකි. එහෙත් මේවා ලබාගත යුත්තේ බලධාරීන්ට දැනෙන ආකාරයෙන් මිස කොනිත්ත කොනිත්තා පාසල් දරුවන් අපහසුතාවට පත් කරමින් නොවේ.
 
 බොහෝ වැඩවැරුම් අපට දක්නට ලැබෙන්නේ එක්කෝ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර පරීක්‍ෂා කරන සමයේදී, වාරවිභාග හෝ වෙනත් විභාග සමයන්හිදී වීම දරුවන් ප‍්‍රාණ ඇපයට ගැනීමට නිදසුන්ය. ඊයේට නියමිතව තිබූ ‘ජිට්’ (සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණය) විභාගයේ කටයුතු සඳහාද මෙම වැඩවැරුම බාධාවක් වූ බව මේ අතර වාර්තා වේ.
 
 එබැවින් අපගේ අදහස නම් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් එම අසාධාරණකම් වැඩවැරුම් දක්වා වර්ධනය වීමට ඉඩ නොතබා අධ්‍යාපන බලධාරීන් විසින් ඒවා වහා විසඳා දියයුතු බව හා ගුරු වෘත්තීය සමිතිද පාසල් දරුවන් ඇපයට තබා තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු නොකිරීම සුදුසුය යන්නය. එසේ නොවුණහොත් ප‍්‍රයිවට් බස්කාරයින්ගේ ගාණට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයද ඇදවැටීම නොවැළැක්විය හැකිය.

haaalaවෙළෙඳපොළේ සහල් මිල අහස උසට නැග තිබේ. සාමාන්‍ය සම්බා කිලෝව රුපියල් 105-115 දක්වාද , හොඳ වර්ගයේ සම්බා කිලෝව රුපියල් 180 - 190 දක්වාද මිල ඉහළ ගොස් තිබේ. මීට අමතරව ඉහළම වර්ගයේ සම්බා කිලෝව රුපියල් 360-380 අතර වේ. කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 80-85 මට්ටමේ පවතී. රටේ බහුතරයක් ජනතාව තුන් වේලටම බත් කන රටක් ලෙස මෙය ජනතාවට දරාගන්නට අසීරු මට්ටමක මිල ඉහළ යාමකි.

polis222 අද වනවිට අපේ රටේ ජනතාවට පොලිසිය පිළිබඳ ඇත්තේ එතරම් පැහැදිලි චිත‍්‍රයක් නොවේ. අද බොහෝ මිනිස්සු පොලිසියට යනුයේ බිය සැක ඇතිවය. තමන්ට සිදු වූ අසාධාරණයක් වෙනුවෙන් යම් සාධාරණ විසඳුමක් පතා පොලිසියට යන ජනතාව එවැනි මානසික තත්ත්වයක් පොලිසියට යන්නට සිදු වී ඇති පසුබිම වහාම වෙනස් විය යුතුය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles