Divaina - විගස පුවත්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධව ප‍්‍රධාන වශයෙන් වගකිවයුත්තේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා යැයි එම ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ සඳහන් කරඇතැයි එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
ඊට අමතරව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා,පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද ඊට වගකිවයුතුයැයිද එම වාර්තාවේ සදහන්කර තිබෙන බවද
ඒ්මහතා කීවේය.

dengu

 

ඒමන්ති මාරඹේ
මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවත් පසුගිය වසර (2018) වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම ඩෙංගු මරණ සංඛ්‍යාවද මෙම වසරේදී මේ වන විට ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
පසුගිය වසරේ මෙරටින් වාර්තා වී තිබූ මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,659 ක් වන අතර මෙම වසරේ ගතවූ කාලයේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා) එම සංඛ්‍යාව ඉක්මවා යමින් ඩෙංගු රෝගීන් 57,850 දෙනකු වාර්තා වී ඇති බව එම අංශය පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු මරණ 58 ක් වාර්තා වී තිබූ අතර මෙම වසරේ මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 76 ඉක්මවා ගොස් ඇත.
කොළඹ, ගාල්ල, ගම්පහ ඇතුළු දිස්ති්‍රක්ක ගණනාවක ඩෙංගු මදුරු කීට ඝනත්වයද ඉහළ ගොස් ඇතත් මෙතෙක් මෙම තත්ත්වය මර්දනය කිරීමේ පැහැදිලි වැඩපිළිවෙළක් කි්‍රයාත්මක නොවන බව සෞඛ්‍ය සේවකයෝ පවසති.
මෙම මාසයේ ගතවූ දින 22 තුළදී පමණක් දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 5988 දෙනකු වන අතර ගිය වසරේ 2018 ඔක්තෝබර් මාසය තුළදීම වාර්තා වී තිබුණේ රෝගීන් 1905 ක් පමණකි. මෙසේ ශීඝ්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් තිබියදී පවතින මැතිවරණ උණුසුම මත ඩෙංගු මර්දන වැඩසටහන් ප්‍රමාණවත් පරිදි කි්‍රයාත්මක නොවන බවට සෞඛ්‍ය සේවකයෝ චෝදනා කරති.
මේ පිළිබඳව විමසූ විටදී සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ හා ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක‍ෂක වෛද්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් කියා සිටියේ ඩෙංගු පැතිරීමේ වැඩිවීමක් මෙම දිනවල පවතින අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හා ඩෙංගු මර්දන වැඩසටහන් කි්‍රයාත්මක කෙරෙන බවයි.
ඩෙංගු රෝග ලක‍ෂණ යමකු තුළ දක්නට ඇත්නම් වහාම රෝගියා ළඟම පිහිටි රජයේ රෝහල හෝ පිළිගත් රජයේ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමෙන් රෝගියා අසාධ්‍ය වීමෙන් වළක්වා ගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ. ඩෙංගු මරණ බහුතරයක් සිදුව ඇත්තේ රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කිරීම ප්‍රමාද වීමෙන් බව අනාවරණය වී තිබේ.

විගස පුවත් බලාපොරොත්තු වන්න

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles