Divaina - විගස පුවත්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 

 
 මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් (එම්.සී.සී.) ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා පර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව ඇමෙරිකා එක්‌සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි.
 
 එම නිවේදනය මෙසේය.
 
 මිලේනියම් චැලෙන්ඡ් කෝපරේෂන් අනෙකුත් සියලුම හවුල්කාර රටවල ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියට අනුකූලව, ප්‍රදාන ආධාර ගිවිසුම අත්සන් කළ පසු, ශ්‍රී ලංකා රජය එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇත. එවිට ගිවිසුම සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්‌ථාවක්‌ ලැබෙනු ඇත.
 
 එම සමාලෝචන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රවාහන සහ ඉඩම් පරිපාලනය වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් සකස්‌ කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරනු ඇත. මෙම ප්‍රදාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11 කට අධික සංඛ්‍යාවක්‌ සෘජු ප්‍රතිලාභ ලබන අතර ආර්ථික වර්ධනය අර්ථවත් ලෙස උත්තේජනය කරනු ඇත.
 
 ප්‍රදාන ආධාර ගිවිසුමට රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා එම්.සී.සී. ආයතනයට පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වේ.

 කුෂාන් සුබසිංහ



 
 මිලේනියම් චැලෙන්- කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කරගත් පසුව ජනමත විචාරණයකින් ඒ සඳහා අනුමැතිය ලබා ගන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා නිවේදනයක්‌ නිකුත් කරමින් ඉල්ලා සිටියි. එහි මෙසේ ද දැක්‌වේ.
 
 ඊයේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මා හට දැනගන්නට ලැබුණේ රජය විසින් zමිලේනියම් චැලෙන්- කෝපරේෂන්Z යන අන්තර්ජාතික ගිවිසුමට අත්සන් කරන්නට සූදානමක්‌ ඇති බවයි. මෙම තීරණය ඊයේ පැවති කැබිනට්‌ රැස්‌වීමකදී ගන්නා ලද බවද එම වාර්තාවල සඳහන් විය.
 
 මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ ගරුතර සංඝරත්නයේ උත්තරීතර නායකත්වය සමග පසුගිය මැයි මස 31 වැනිදා පවත්වන ලද දීර්ඝ සාකච්ඡාවකදී අති පූජ්‍ය අස්‌ගිරි මහානායක මාහිමිපාණන්ගේ සහ උභය මහා විහාරීය අනුනායක ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ අපගේ ඒකමතික තීරණය වූයේ රටේ අනාගතයට සුවිශේෂී වශයෙන් බලපාන යම් ගිවිසුමක්‌ අත්සන් කරන්නට යෙදෙන්නේ නම් ඒ පිළිබඳව රටේ ජනතාවගේ පොදු මතය විමසා එය කළ යුතු බවයි. ඒ පිළිබඳව අදාළ ලියවිල්ල ද මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන ලදී. අප දන්නා තරමින් මෙම සම්මුතිය පිළිබඳව ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතියවත් ලබාගෙන නොමැත.
 
 මෙවන් තත්ත්වයක්‌ යටතේ අප රටේ ඉඩම් සම්බන්ධව බැරෑරුම් වෙනස්‌කම් ඇති කරවන මෙවැනි ගිවිසුමකට ජනමතය නොවිමසා අත්සන් තැබීම භයානක ප්‍රතිඵල ගෙන දෙන දෙයක්‌ වනු ඇත. එලෙසම ජනාධිපතිවරණයක්‌ සඳහා මුළු රටම සූදානම් වන අවස්‌ථාවකදී මෙවන් දෙයක්‌ කඩිමුඩියේ සිදුකරන්නට යැම කිසිසේත් සුදුසු නොවේ.
  

තමා ජනාධිපතිවරයා වීමේ ව්‍යායාමයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ඒකීයභාවය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාවය සුරකමින් රට සැබෑ සෞභාග්‍යයක්‌ කරා ගෙන යැම බව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‌ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
 නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්‌වා වූ පරිවර්තනාත්මක යුගය දියත් කිරීම වෙනුවෙන් තමා මේ මොහොතේ සිට සැදී පැහැදී සිටින බව ද ඒ මහතා සඳහන් කළේය.
 
 ඊයේ (01 දා) කොළඹ පැවති එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ දේශපාලන පක්‌ෂ එක්‌ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්‌වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
 
 එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ දේශපාලන පක්‌ෂ එක්‌ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ විකල්ප කණ්‌ඩායමක්‌ ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිසක්‌ ද එක්‌ව සිටියහ.
 
 එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති ධුර අපේක්‌ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
 
 "අද දින එජාපය ඇතුළු පක්‌ෂ රැසක්‌ ඒ වගේම හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාර්ශ්වයත් එකට එක්‌ව රට තුළ විනීත රාජ්‍ය පාලනයක්‌ ඇති කිරීම සඳහා එක්‌ වුණා. මේ ව්‍යායාමයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ඒකීය භාවය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාවය සුරකිමින් රට සැබෑ සෞභාග්‍යයක්‌ කරා ගෙන යැමයි. මේ අවස්‌ථාව රටේ සියලුම ජන කොටස්‌වලට යුක්‌තිය ඉෂ්ට කරන අවස්‌ථාවක්‌.
 
 ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ පරිවර්තනාත්මක යුගයක්‌ ඇති කරන්නටයි අපි අරමුණු කරගෙන සිටින්නේ. රට ඩිජිටල් තාක්‌ෂණික විප්ලපයක්‌ කරා ගෙනයැමට අපි සැදී පැහැදී සිටිනවා. රටේ කෘෂි කර්මාන්තය, නවීන තාක්‌ෂණය තුළින් රජයේ මැදිහත්වීම තුළින් තවදුරටත් ශක්‌තිමත් කරන්න අපි සැදී පැහැදී සිටිනවා.
 
 අපේ වැඩපිළිවෙළ තුළ ප්‍රතිලාභ ලැබෙන්නේ රටේ ජනතාවට, පවුල් කේන්ද්‍ර කරගත් පවුලේ සාමාජිකයන් කේන්ද්‍ර කරගත්, රටේ පුරවැසි පරපුර ජව සම්පන්න කරන ගමනක්‌ අපේ වැඩසටහන තුළ අපි ක්‍රියාත්මක කරනවා. අපේ රටේ සංස්‌කෘතිය හා සභ්‍යත්වය සුරකිමින් ශීලාචාර, ශිෂ්ට සම්පන්න ජන සමාජයක්‌ ගොඩනඟන්න, දූෂණයෙන්, වංචාවෙන් හොරකමෙන්, ප්‍රොaඩාවෙන්, මුසාවෙන්, මුලාවෙන් තොර ජනතාවට සෙතක්‌ සැලසෙන රාජ්‍ය සේවයක්‌ ඉටු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

 

 සුජීව තත්සර 


 

 
 කොටි සංවිධානය යළි න`ගාසිටුවිය යුතු යෑයි ප්‍රකාශයක්‌ කළ බව කියන ළමා හා කාන්තා කටයුතු හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක්‌ යෑවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (01 දා) නියෝග කළාය.
 
 හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැ`ගිය යුතු බවට පසුගිය ජූලි මස (02 දා) යාපනයේදී කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.
 
 නඩුව යළි දෙසැම්බර් මස 13 වැනිදා කැඳවීමට නියමිතය.

 

 කශුනි රෙබෙකා 
  


 
කොළඹ නගරය ඇතුළු තදාසන්න නගර සියල්ලම ජීවත් වීමට සුදුසු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නගර බවට දියුණු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

 
 නගරබද ජනතාව වෙනුවෙන් එදා වගේම ඒ නගර ඒ අයුරින් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවඳ හෙතෙම සඳහන් කළේය.
 
 ඇවිදින මන්ත්‍රීරු උද්‍යාන, මහා මාර්ග යනාදිය කොළඹ ගොඩනගමින් ක්‍රමානුකූලව පසුගිය රජය ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙල වත්මන් රජය විසින් අතරමග නතර කර ඇති බව සඳහන් කළ රාජපක්‍ෂ මහතා එම වැඩපිළිවෙල යළිත් ආරම්භ කරන බවද සඳහන් කළේය.
 
 එමෙන්ම ආරක්‍ෂක අංශවලට දේශපාලන ඇ`ගිලි ගැසීම්වලින් තොරව ජනතාවගේ සහ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරන බවද ඒ මහතා කීවේය.
 
 ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ "සාර්ථක දැක්‌මක්‌ වැඩ කරන රටක්‌" තේමාව ඔස්‌සේ පැවැත්වෙන ජන
 
 රැලි මාලාවේ මොරටුව සහ කෝට්‌ටේ පැවැති ජන රැලිවලට සහභාගී වෙමිණි.

 

අනුර බාලසූරිය - ලසිත දුමින්ද

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles