Divaina - සරසවි සිසුන්ට ඇප

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියම කළාය. ඒ අනුව එක් සැකකරුවකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කල මහේස්ත්‍රාත්වරිය සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද තරයේ අවවාද කළාය.
එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එවැනි බලපෑමක් සිදුකළ බවට පැමිණිලි ලැබුණොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන බවත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට අවවාද කළාය.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles