Divaina - ඥානසාර හිමිට එරෙහි පෙත්සම සලකා බැලීම පෙබරවාරි 17 වැනිදා

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්‌ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියේ සිදුනොකරන ලෙසට මුලතිව් මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගය නොතකා කටයුතු කිරීමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනකුට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (08 දා) නියෝග කළේය.
 
 අභියාචනාධිකරණය විසින් පසුගිය 23 වැනිදා නිකුත් කරන ලද සිතාසි නියෝගය අනුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුලතිව් දිසාව භාර පොලිස්‌ අධිකාරිවරයා හා මුලතිව් පොලිසිsයේ ස්‌ථානාධිපතිවරයා ඊයේ (08 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
 
 දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්තිනී ස්‌කන්ධරාජා මහත්මිය විසින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් වෙනුවෙන් නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා පෙනී සිටි අතර මුලතිව් පොලිස්‌ අධිකාරිවරයා හා මුලතිව් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වෙනුවෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකු පෙනී සිටියහ.
 
 කෙසේ නමුත් එකී නඩු කටයුත්ත වෙනුවෙන් සහය ලබාදීම සඳහා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතිසි යෑවීමට ද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.
 
 ඒ. ඡේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles