Divaina - සීනෝර් සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමේ තීරණයට මැතිවරණ කොමිසම හරස්‌ වෙයි

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 

 
 ධීවර අමාත්‍යාංශයට අයත් සීනෝර් පදනමේ සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ගත් තීරණය මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් ඊයේ (08 වැනිදා) නතර කර ඇත.
 
 සීනෝර් පදනමේ සාමාන්‍යාධිකාරී යූ. එල්. ඩී. නන්දලාල් මහතා විසින් මැතිවරණ කොමිසමට ඊයේ කරන ලද පැමිණිල්ලක්‌ මත ක්‍රියාත්මක වූ මැතිවරණ කොමිසම එම තීරණය ගෙන ඇත.
 
 මැතිවරණ කාල සීමාවේදී රාජ්‍ය ආයතන නිලධාරීන් ඉවත් කිරීම නීති විරෝධී බවත් එම නිසා සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීමට ගත් තීරණය ඉවත්කර ගන්නා ලෙසටත් මැතිවරණ කොමිසම විසින් සීනෝර් පදනමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට ඊයේ දැනුම් දී ඇත.
 
 සීනෝර් පදනමේ සභාපතිවරයාගේ සහ මහභාණ්‌ඩාගාර නියෝජිතවරයාගේ ද විරුද්ධත්වය නොසලකා අධ්‍යක්‍ෂ මණ්‌ඩලය තමා සිය ධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය දේශපාලන පළිගැනීම් මත සිදු වූ එකක්‌ බව ද නන්දලාල් මහතා zදිවයිනZට පැවැසීය.

 කුෂාන් සුබසිංහ
 

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles