Divaina - විගස පුවත්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. රජය මගින් ලබාදුන් වැට් බදු සහනය සහ තිරිගු පිටි ඒකාධිකාරය බිදවැටීමත් සමග තිරිගු පිටි මිල අඩුවීම හේතුකරගෙන එම තීරණය ගත් බව එහි සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.


රාජගිරිය, බුත්ගමුව පෙරේරා මාවතේ වගුරු බිමක හටගත් ගින්න පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත. මේ අතර ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ ද ගින්න පාලනය කිරීම සදහා එක්ව සිටිති.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දෙහිවල සහ මහරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ  4 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු සහ මාලදිවයින ජාතිකයන් දෙදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

හොරණ ඉළිඹ ප්‍රදේශයේදී අද(25දා)අලුයම යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 32හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනයට ලක්ව ඇත.


වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට ගුරු - සහ විදුල්පතිවරු තීරණය කර ඇත. වෘත්තීය සමිති 30 ක් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles