The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

deshiya1දේශීය සිනමාවේ හැත්තෑ එක්‌වෙනි සැමරුම සහ ජාතික චිත්‍රපට සමාගමේ හතළිස්‌ හයවැනි සැමරුම මෙම 21 වැනිදා පස්‌වරු 3.00 ට චිත්‍රපට සංස්‌ථා පරිශ්‍රයේදී සිදු කෙරේ.
 
 සිනමා විෂය භාර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම සැමරුම් උළෙල ඇරඹෙන්නේ හිටපු සභාපතිවරුන්ගේ ඡායාරූප නිරාවරණය කරමිනි. අනතුරුව චිත්‍රපට සංස්‌ථා සිනමා ශාලාව ඉදිරිපිටදී රුක්‌ රෝපණය සිදුකර සංස්‌ථාව ආරéd කිරීමට පුරෝගාමී වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියගේ පිළිරුවට මල්දම් පැළැඳවීම සිදු කෙරේ.
 
 සිංහල සිනමා වංශ කතාව පිළිබඳ මහාචාර්ය පැටි්‍ර්‍රක්‌ රත්නායක මහතා විසින් දේශනයක්‌a කරන අතර "චිත්‍රපට සඟරාව" ජනගත කිරීම හා "දේශීය චිත්‍රපට නාමාවලිsය" ග්‍රන්ථය ජනගත කිරීම සිදුවේ. 2017 වසර තුළ ජාත්‍යන්තර සිනමා සම්මානලාභීන් ඇගැයීම සහ සංස්‌ථා සිනමා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානයද "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටයේ කොටස්‌ සහිත සිනමාවංශ කතාව විග්‍රහ කිරීමද මෙම උළෙලට අයත්ය. මීට සමගාමීව අද (19 දා) රාත්‍රියේ චිත්‍රපට සංස්‌ථා පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක්‌ද හෙට හීල් දානමය පිංකමක්‌ද පවත්වා සිනමාව වෙනුවෙන් ජීවිත කාලය කැපකළ දැනට ජීවතුන් අතර නැති කලාකරුවන්ට හා සංස්‌ථා කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයින්ට පිං පැමිණවීම සිදු කෙරේ!

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles