Divaina - ‘අමුතු රසිකයා’ ආලින්දයට පැමිණේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

 amuthu444

  ‘‘අමුතු රසිකයා” මෙම 12දා සිට සතියේ දිනවල රාති‍්‍ර 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරේ. මෙය නැවුම් ආරක් ගත් ටෙලි නාට්‍යයකි. ජයප‍්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි නාට්‍යයේ ශි‍්‍රයන්ත මෙන්ඩිස්, සුරාජ් මාපා, රොෂාන් පිලපිටිය, හසිනිකා කරලියැද්ද, මනිෂා චංචලා, සංජය මුරමුදලි සහ ටානියා පෙරේරා රඟපාති. සද්ධා මංගල සූරියබණ්ඩාරගේ තිර රචනයක් අනුව නිර්මිත ”අමුතු රසිකයා” හි සංගීත අධ්‍යක්‍ෂණය කපිල පූගල ආරච්චිය.
 
 ලොරි රථ රියදුරකු වන සෝමදේව කොළඹට කිලෝමීටර් පනහක් හැටක් පමණ දුරින් පිහිටි උඩතැන්න නම් ගම්මානයේ ජීවත් වන වයස අවුරුදු 55ක් පමණ වන පුද්ගලයෙකි. තම ජීවිත කාලයෙන් අඩක්ම ගමේ මුදලාලි කෙනෙකු වන යටිකිඳ මුදලාලිගේ ලොරි රථයේ රියැදුරු වශයෙන් ගෙවා දැමූ සෝමදේව, විනෝදාංශය වශයෙන් කළේ චිත‍්‍රපට බැලීමය. පිච්චර් පිස්සෙකු වන සෝමදේව නගරයේ එකම සිනමා ශාලාවට එන සෑම චිත‍්‍රපටයක්ම නරඹා ඇති අතර, ඔහු කොළඹ පැමිණ ඇත්තේ වැඩි වශයෙන්ම චිත‍්‍රපට නැරඹීම සඳහාය.
 
 උසස් පෙළ සමත්ව ගෙදරට වී කාලය මරන දේවින්දි නම් රූමත් දියණියකගේ හා රස්තියාදුකාර තරුණ පුතෙකුගේ පියෙකු වන සෝමදේව, තම බිරිඳ සමඟ ආදරණීය ලෙස පවුල් කන ස්වාමියෙකි. ඔහුගේ වරදක් ඇත්නම් එ් හවසට කසිප්පු වඩියකින් සප්පායම් වී පැමිණීම පමණි.
 
 සඳරා යනු සෝමදේවගේ ලොරියේ ක්ලීනර්වරයාය. වයස අවුරුදු 24ක් පමණ වන ඔහු කාගේ කවුදැයි කිසිවෙකු නොදන්නා අතර වසා දැමූ නිවසක කාමරයක තනිව ජීවත් වෙයි. රස්සාවක් සොයමින් නගරයේ ඇවිදිමින් සිටියදී සඳරා ගමට කැඳවා ගෙනවිත් ඇත්තේ සෝමදේව විසිනි. කාත් කවුරුවත් නැති අයෙකු ලෙස තමන්ව හඳුන්වා දුන් නිසා සෝමදේව සඳරාව රස්සාවට ගන්නේ එ් දිනවල ඔහුගේ ලොරියට ක්ලීනර්වරයෙකුගේ අඩුපාඩුවක් ද තිබූ නිසාය.
 
 සඳරා රස්සාවට ආ විගසම ඔහුද චිත‍්‍රපට බලන්නට කැඳවා යන්නට පටන් ගත් සෝමදේව, තමන් සතු හොඳ නරක සියලූ ගති පැවතුම් සඳරාටත් පුරුදු කරන්නට වැඩි කාලයක් ගත කළේ නැත.
 
 සෝමදේව සමඟ චිත‍්‍රපට බලමින් සිටියදී හදිස්සියේ දුටු නවක නිළියකට තමන්ගේ සිත යෑම නිසා සඳරාගේ හැසිරීම් ක‍්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගන්නේ සෝමදේවද නොසිතූ ආකරයෙනි. කල්හාරි ජයතුංග නම් නවක නිළියකගේ චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නොවරදවා බලන්නට පටන් ගන්නා සඳරා, ඇයගේ ඡුායාරූපවලින් සිය කාමරය සරසා ගනී.
 
 මේ අතර දිනක් පුවත්පතක පළවූ ලිපියක් සෝමදේව සඳරාට ගෙනැවිත් දෙයි. එහි ඇත්තේ එම නිළිය විවාහ ගිවිස ගත් බවකි. ඉන් වේදනාවටත් කෝපයටත් පත්වන සඳරා, කල්හාරිගේ පේ‍්‍රමවන්තයා වන දිනේෂ් සොයන්නට යන්නේ වෙළෙඳසලකින් උල් පිහියක්ද, මිලදී ගෙනය. ඉන් පසු කුමක් සිදුවේද...? ‘අමුතු රසිකයා’ නරඹා ඒ පැනයට පිළිතුරු ලබා ගන්න.

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles