Divaina - සමාජ කඩාවැටීම නගා සිටුවිය හැක්කේ කලාවටයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

 
කුලසිරි මල්ලිකාරච්චි
 
samaja555 1981දී ජිනදාස හේන්ගොඩගේ ‘කීරකොටුවේ රාළ’ වේදිකා නාට්‍ය තුළින් ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිස 1982 දී මොරටුව අධ්‍යයන කලා කවය මෙහෙය වූ කෙටි නාට්‍ය උළලේදී ලීල් චන්ද්‍රසිරිගේ ‘හැංගි මුත්තු’ නාට්‍යයේ ‘මුත්තුගේ’ චරිතයට පණ පොවා හොඳම නළුවා ලෙස සම්මාන දිනූ හේ ඉන්පසු සතිච්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සතිච්චන්ද්‍ර සංස්කෘතික සංසදයට එක්වී ‘සොක්කානෝ රජානෝ’ නාට්‍යයේ රඟපෑමට වරම් හිමි කර ගත් අතර ධම්ම ජාගොඩගේ ‘සකලජන’, අනුර වරාගොඩගේ ‘පුත නොබලන් හෙළ ගැඹුුරුයි, චක්කරේ සජාති, හිට්ලර් මල්ලි, ජනක් පේ‍්‍රමලාල්ගේ රජගහේ නාඩගම, සක්වල කැළඹිලා ඇතුළු වේදිකා නාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී සිටියි. 1986 දී ‘පුත නොබලන් හෙළ ගැඹුරුයි’ වේදිකා නාට්‍යයේ වේදිකා පසුතල නිර්මාණය, රංගනය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණ කුලසිරි 2007 දී වැඩකරන ජනතා කලා උළෙලේදී මන ධනසෘණ නාට්‍ය වෙනුවෙන් හොඳම නාට්‍ය ඇතුළු සම්මාන හතක් දිනා ගැනීමට සමත් වෙයි.
 
 ටෙලිනාට්‍යය සඳහා ද සිය රංගන එකතු කළ කුලසිරි මල්ලිිකාරච්චි අහස් ගංගා, යළිත් වසන්තයක්, හංස පිහාටු, ශිවගුරු නාදන්ගේ කෝටිපතියෝ, එකගෙයි මිනිස්සු ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ද රංගනයෙන් දායක වී ඇත. එළි කිරි කඬේ නමින් රූපවාහිනි නාලිකාවක විකාශනය වූ ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් හා තිර කතා රචනයෙන් ද දායක වූ කුලසිරි මල්ලිකාරච්චි උදයකාන්ත වර්ණසූරිය ‘රාජ්‍ය සේවය පිණිසයි’, කොස්තාපල් පුඤ්ඤසෝම,
 
 ගින්දරී’, ඩොනල්ඞ් ජයන්තගේ ‘මායා දේවී’ ශිවදාසන්ගේ දෝණි, සුනිල්සෝම පීරිස්ගේ වැඩ බැරි ටාසන්, ගිරිරාජ් කෞෂල්‍යගේ කතුරු මිතුරු යන චිත‍්‍රපටවලට ද සිය රංගන දායකත්වය සපයා ඇත. මේ දිනවල අනුර වරාගෙඩ අධ්‍යක්ෂණය කළ ජේ.ඒ.ඞී. පෙරේරාගේ රචනයක් වූ ධර්මිෂ්ටර්ලා හි මාතලි නැමති චරිතයට පණ පොවමින් පේ‍්‍රක්ෂක හදවත් දිනාගෙන සිටියි.
 
 ඔබ චරිතාංග රංගන ශිල්පියකු ද හාස්‍යයොත්පාදක රංගන ශිල්පියකු ලෙස හඳුන්වනවාට ද වඩා කැමති ?
 
 ඇත්තටම මම කියන චරිත ද්විත්වයම නිසි ලෙස අවබෝධයෙන් කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මැද මාවතේ ශිල්පියෙක් ලෙස හඳුන්වනවාට තමයි වඩා කැමති. මේ ගෙවුණ වසර තිස් අට තුළ වේදිකා නාට්‍යය ගණනාවක රඟපෑවා. ටෙලිනාට්‍යත් එහෙමයි. චරිතවලට කොටු නොවී රංගනයේ යෙදෙන්න මට වාසනාව ලැබුණා කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් මගේ අත්දැකීම වේදිකා නාට්‍ය පේ‍්‍රක්ෂකයන් පේ‍්‍රක්ෂකාගාරයට එන්නේ හාස්‍යයොත්පාදක රංගනයන් හා දෙබස් අසන්නයි.
 
samaja333
 
 ඔබ පුංචි තිරයේ මෙන්ම රිදී තීරෙනුත් අපට හමුවූ කෙනෙක්. ඔබව අපට මුලින්ම හමුවන්නේ වේදිකාවෙන්
 
 ඇත්තටම මම වේදිකාවට ගොඩ වෙන්නේම වේදිකාවේ ස්වර්ණමය යුගයක. එනම් අසූව දශකයේ ඇත්තටම රිදී තිරයට පුංචි තිරයට කැමරාව ඉදිරියේ රඟපෑම ඒ තරමටම අපහසු නැහැ කියලයි මගේ පුද්ගලික හැඟීම. මන්ද එහි රංගනයේ යෙදෙන්නේ පියවරෙන් පියවරයි. ඒවගේම අපගේ රංගනය සංස්කරණයකින් අනතුරුවයි පේ‍්‍රක්ෂකයා ඉදිරියට ගේන්නේ. මොකද එහි යම් වරදක් වුවහොත් නැවත නිවැරදි කර ගනිමින් රංගනයේ යෙදෙන්නට අවකාශය තිබෙනවා. නමුත් වේදිකාවේ අප රඟපාන්නේ සජීවීවයි. ඒ මොහොතේම අපිට එහි ප‍්‍රතිචාර පේ‍්‍රක්ෂකයන් දක්වනවා. රංගන ශිල්පිීන් ශිල්පිනියන් ලෙස අපට එම ප‍්‍රතිචාර සජීවීව දැක ගන්න පුළුවන්. ඔවුන් අප කරන කියනදේ කොයි ලෙසද වැළඳ ගන්නේ කියලා. .
 
 අද බොහෝ දෙනෙක් කියනවා චිත‍්‍රපට කර්මාන්තය මෙන්ම ටෙලි නාට්‍ය කලාවත් ඉවරයි කියලා.
 
 ඇත්තටම ඒ කතාව ගැන මම කනගාටු වෙනවා. එහෙම කියන අය නිර්මාණ නොකර ඉන්නවාද? නැහැනේ කරනවා. අද රූපවාහිනි නාලිකා රැුසක් තිබෙනවා. පේ‍්‍රක්ෂකයන් බලන්නේ තමන් කැමැති නිර්මාණ උදාහරණයක් ගත්තොත් සිිවගුරු නාදන්, සමන් කුමාර ලියනගේ වැනි දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ පේ‍්‍රක්ෂකයා බලනවා. මේවගේ දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ බලන පේ‍්‍රක්ෂකයන් ඉන්නවා. ඒත් අවාසනාවකට වගේ අපේ රටේ නාලිකා තමන්ගේ පේ‍්‍රක්ෂකයන් වැඩි දෙනෙක් විදේශ ටෙලිනාට්‍ය සඳහා මාට්ටු කරලා තියෙන්නේ. දේශීය දේ හෙළ කුල සිරිත් නාට්‍යයකට ගෙන එන්නේ නැහැ. ඒ නිසා පේ‍්‍රක්ෂකයන් අවරගණයේ ටෙලිනාට්‍ය බලනවා. එය පේ‍්‍රක්ෂකයාගේ වරදක් නෙවෙයි. බුද්ධිමත් පේ‍්‍රක්ෂකයන් ඉන්නවා. ඒ අය ඉන්නවා ඔවුන් ටෙලි නාට්‍ය බලන ඉන්නවා. ඔවුන් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් කලාවක් ඉලන්නේ. මොනවා කරන්නද? සමස්ත සමාජයේම යම් කඩා වැටීමක් මේවන කොට තිබෙනවා. එය යළිත් නඟාසිටුවන්න පුළුවන් වෙන්නෙත් කලාවෙන්ම තමයි.
 
 වේදිකා පේ‍්‍රක්ෂකගාරයත් ඇඳුරුයි කියලා සමහරු කියනවා ?
 
 මං කිව්වේ මේ සියල්ලම ප‍්‍රචාරය කරන පිරිසක් ඉන්නවා. වෙලාවකට මේ ප‍්‍රචාරය කරන අයගේ වාසියටම තමයි ඔවැනි ප‍්‍රචාරය කිරීම් කරන්නේ. බලන්න කොළඹ වටේ රවුමක් ගිහින් තාප්ප පුරා කොයි තරම් පෝස්ටර් ප‍්‍රමණයක් වැදිලා තියෙනවාද කියලා. වේදිකා නාට්‍ය රසවිඳින්න අග නගරයේ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් පිරිසක් ඉන්නවා. කොළඹ නැතිනම් අග නගරයේ පේ‍්‍රක්ෂකාගාරවලට එන රසිකයන් බෙදිලා යනවා. සමහර දවසට පේ‍්‍රක්ෂකාගාර දෙක තුනක නාට්‍යය තියෙනවා. එහෙම දවසට පේ‍්‍රක්ෂකාගාරය පිරෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැනේ වේදිකා නාට්‍ය කර්මාන්තය කඩා වැටිලා කියලා. පවතින ආර්ථික රටාව එක්ක විශාල මුදලකට ටිකට්පත් අරන් නාට්‍ය බලන්න එන අය නැහැ තමයි. ඒත් නාට්‍යකරුවන් තමන්ට තියෙන නාට්‍ය උණ නිසා නිර්මාණ බිහි කරනව නිෂ්පාදකයෝ මුදල් වියදම් කරලා ඒවාට උදව් වෙනවා. නව පරපුරක් බිහිවෙමින් ඉන්නවා. සමහරු එක නාට්‍යයකින් දෙකකින් ක්‍ෂේ්ත‍්‍රයෙන් ඉවත් වෙනවා. ඒක තමයි කනගාටුවට කාරණය.
 
 වසර තිස් අටක් ක්‍ෂේත‍්‍රයේ රැුඳුන
 
 ඔබගේම නිර්මාණයක් කරන්න අදහසක් නැතිද?
 
 ඇත්තටම හැම ශිල්පියකුම ආසයි තමන්ගේ ම නිර්මාණයක් කරන්න. ලබන වසරේ එවැන්නක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඞී. එම්. එස්. දිසානායක මහත්මා හා මහවැලි සංවර්ධන ඉඩම් පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා මට උදව් කරනවා මේ වැඬේට. ලබන වසරේ මහවැලි කලාපයේ පාරිසරික ගැටලූ පිළිබඳව වීදි නාට්‍යය කරන්න බලාපොරොත්තු වෙනවා . මහවැලි කලාපයේ සැඟවී සිටින දක්ෂතා ඇති අයව හඳුනාගෙන ඒ තුළිින් තමයි ඒ වීදි නාට්‍ය මාලාව කරන්න සූදානම් වෙන්නේ. ඒ අනුව කලාප දහයෙන් දක්ෂතා ඇති අයව හඳුනාගෙන ඔවුන් සමඟ එක් වී නාට්‍ය නිර්මාණය කරලා එය අගනුවරදී රඟ දක්වන්න බලාපොරොත්තු වෙනවා.
 
 ඔබේ චිත‍්‍රපට රංගන දායකත්වය කොහොමද?
 
 මම චිත‍්‍රපට කිහිපයකට දායක වෙලා තියෙනවා. ඒ අතර ඩොනල්ඞ් ජයන්තගේ මායා දේවී, උදයකාන්ත වර්ණසූරියගේ කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරී, රාජ්‍ය සේවය පිණිසයි තියෙනවා.
 
 ක්‍ෂේත‍්‍රයට ආව ගමන් මැකිලා යන අය ඉන්නවා. කලාකරුවකුගේ පැවැත්මට වාසනාව මෙන්ම උත්සාහය හා උනන්දුවත් තිබිය යුතුයි.
 
 
  සුගත් ශාන්ත මොරගහකුඹුර

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles