Divaina - ආයෙමත් ගෙදර එන්න Bohemian rhapsody පිළිබඳ විචාරයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

gedara333
 
  Bohemian rhapsody සිනමා කෘතියේ මංගල දර්ශනය නරඹා කළම්බු සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවෙන් පිටතට පැමිණෙන විට මට හැඟී ගිය පළමු කරුණ නම් ලාංකේය සිනමාව බටහිර සිනමාවට සාපේක්‍ෂ ව කෙතරම් දිළිඳු ද යන්නයි.
 
 එසේ වන්නට එක් හේතුවක් වන්නේ කතා පුවත් හෝ මාතෘකා හෝ තෝරාගැනීමේ දී අපේ අධ්‍යක්‍ෂවරුන් දක්වන ගැතිකම හෝ බියයි. Bohemian rhapsody  චිත්‍රපටය මඟින් චිත්‍රණය වන්නේ එච් අයි වී/ඒඞ්ස් රෝගයට ගොදුරු ව මියගිය සුපිරි ගායක ෆ්‍රෙඞ් මර්කරිගේ චරිතයයි. ඉතා ම නිර්භීත ලෙස මෙවැනි මාතෘකාවක් චිත්‍රපටයකට නැඟීම පිළිබඳව අපගේ ගෞරවය මෙහි අධ්‍යක්‍ෂ වන බ්‍රයන් සින්ගර්ට හිමි විය යුතු ය. මන්ද යත් ඔහු මේ යුගයේ දී කලාකරුවකු වෙතින් ඉටු විය යුතු අනිවාර්ය වගකීමක් සිය දෙඋර මත පටවාගෙන ඇති බැවිනි. එය නම් ඒඞ්ස් අවදානම ඉතා නරක ලෙස ඉහළ යමින් පවතින අවධියක දී ඒ පිළිබඳව ඉතා ම කලාත්මකව, ඉතා ම සියුම් ලෙස ප්‍රේක්‍ෂකයා දැනුවත් කිරීමයි.එච් අයි වී/ඒඞ්ස්  පිළිබඳ ප්‍රචාරක චිත්‍රපටයක් බිහි කිරීම එතරම් අසීරු කාර්යයක් නොවේ. සැලකිය යුතු මුදලක්, පිටපතක් හා නළු නිළියන් සිටී නම් එය පහසුවෙන් කළ හැකි ය. එහෙත් වෘතාන්ත චිත්‍රපටයක් හරහා මේ පිළිබඳ ප්‍රබල පණිවිඩයක් දීම එතරම් සරල දෙයක් නොවේ. කිසියම් ජීවන චරිතයක් හරහා ගොඩනැඟෙන චිත්‍රපටයකින් මේ පණිවිඩය ලබා දීම වඩාත් අසීරු ය. මන්ද යත් එහි දී නීතිමය ගැටලු පවා අධ්‍යක්‍ෂවරයා අබිමුව පවතින බැවිනි. කිසිදු ලාංකේය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු නොබියව මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරතැයි හෝ නිෂ්පාදකයකු මුදල් වියදම් කරතැයි හෝ මා සිතන්නේ නැත.
 
 අධ්‍යක්‍ෂ බ්‍රයන් සින්ගර් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු දඩයම් කරගෙන ඇත. සංගීත ලෝලීන් සඳහා අපූර්ව සිනමා කෘතියක් ලබා දෙන අතරතුර, ඒඞ්ස් අවදානම ගැන ඉතා කදිම පණිවිඩයක් ද ලබා දී ඇත. අධ්‍යක්‍ෂවරයා චිත්‍රපටය තුළ ඒඞ්ස් ගැන කතා කරන්නේ ඉතා සීමිත ව ය. එහෙත් ඒ සීමිත වේලාව ඉතා තියුණු ලෙස සූක්‍ෂම ලෙස භාවිත කරන්නට ඔහු සමත් වේ. මේ චිත්‍රපටය නවීන Dolby Atoms ශබ්ද තරංග රස විඳිමින් නරඹන්නට හැකිය.
 
 මුළු ලොව ම දන්නා ලෙස ෆ්‍රෙඩී මර්කරි යනු පුරුෂ සමලිංගිකයෙකි. පුරුෂ සමලිංගිකත්වය ඒඞ්ස් පැතිර යෑම කෙරෙහි ඉතා ම හානිකර ලෙස බලපාන, ඉතා ම අවදානම් සාධකයක් බවට පත් ව තිබේ. දේශීය ව මෙන්ම ජාත්‍යන්තර ව ද එය සත්‍යයකි. ඇමෙරිකාවේ රෝග මර්දන හා පාලන මධ්‍යස්ථානයේ නවතම වාර්තාවලට අනුව (2018 අප්‍රේල් 5) HIV AIDS ආසාදිත ඇමෙරිකානුවන් ගෙන් සියයට 67ක් ම
 
 සමලිංගික හා ද්විලිංගික පිරිමින් ය. (Gay + Bisexual Men) සමලිංගික පිරිමින්ට පහසුවෙන් HIV/AIDS ආසාදනය වන්නේ ඇයි ද යන්න ඉතා ගැඹුරෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වන අතර එය මේ අවස්ථාවේ සිදු නො කෙරේ. උක්ත චිත්‍රපටයෙන් ලබා දෙන සැඟවුණ පණිවිඩය ගැන සාකච්ඡා කිරීම හා එහි වැදගත්කම තහවුරු කිරීම මෙහි අරමුණ වෙයි.
 
 මේ ලේඛකයා චිත්‍රපටය කියවූ ආකාරයට, එනම් රූපරාමු හා වචනවලින් ලබා දෙන ධ්වනිතාර්ථ විශ්ලේෂණය කළ විට පෙනී ගියේ ෆ්‍රෙඩි මර්කරිගේ ලිංගික චර්යාව ඔහුගේ ජීවිතය ඛේදවාචකයක් බවට පත් කළ බවයි. සැබැවින් ම සිදු වූයේ එය ම නො වේ ද? ඔහු සිය ජීවිතය පුරා රස සෙවූ ආකාරයේ පැවැති යම් දෝෂ හේතු කොටගෙන අවුරුදු 45ක් වැනි කෙටි කලකදී දුඃඛිත මරණයකට මුහුණ දෙන්නට ඔහුට සිදු විය. ඔහු ලිංගික හැසිරීමේ දී මීට වඩා පරෙස්සම් සහගත වූවා නම්, සබුද්ධික වූවා නම් ඔහුගේ ජීවිතය මෙවැනි ඛේදවාචකයකින් කෙළවර නො වන්නට ඉඩ තිබුණා නො වේද? ෆ්‍රෙඩී මර්කරිගේ අනාරක්‍ෂිත ලිංගික චර්යා ඔහුගේ ජීවිතය ඛේදවාචකයක් බවට පත් කළ බව Bohemain Rhapsody චිත්‍රපටය අපට සියුම් ව පෙන්වා දෙයි.
 
 චිත්‍රපටය සමලිංගික චර්යාවේ අවදානම ඉතා සියුම් ලෙස යටි පෙළ හරහා ප්‍රකාශයට පත් කරන බව සුප්‍රකට ත්‍දරඉැි සඟරාවට විචාරයක් ලියන ීජදඑඑ ඵැබාැකිදබ ද පවසයි. ඔහු මෙසේ කියයි.
 
 “ෆ්‍රෙඩි, චිත්‍රපටය තුළ ද්විලිංගිකයකු ලෙස ද විස්තර කරයි. එහෙත් චිත්‍රපටයේ
 
 ගොඩනැඟී ඇති තර්කය වන්නේ ෆ්‍රෙඩි, මේරි ඔස්ටින් සමඟ (පෙම්වතිය) පමණක් ලිංගික සබඳතාවක් පවත්වාගෙන ගියා නම් ඔහුට අනතුරක් වන්නට ඉඩ නො තිබූ බවයි.”
 
 මෙනයින් මේ චිත්‍රපටය සමලිංගික භීතික :්‍යදපදචයදඉසජ* තත්ත්වයකට වර්ධනය ඇති බව ද ඔහු කියයි. මා පවසන්නේ ද ස්කෝට් මෙන්ඩල්සන් ඉතා නිරවද්‍ය ලෙස චිත්‍රපටයේ යටිපෙළ කියවා ඇති බවයි. චිත්‍රපටයේ ඒ සංදේශය ඉතා ඵලදායි එකක් නොවේද?
 
 මේරිගේ හා ෆ්‍රෙඩීගේ ආදර කතාව ද චිත්‍රපටය තුළ දිගින් දිගට ම ඇදී යයි. ෆ්‍රෙඩී සාමකාමියකු බව හෙළි වීමෙන් පසු දෙදෙනා එකට ජීවත් වීමෙන් සමුගන්නා නමුදු දෙදෙනා අතර ආදරය බිඳී නො යයි. ඔහු සිය ජීවිතය අවසාන වන තුරු ම ඇයට සලකන්නේ හා අමතන්නේ ‘මගේ ආදරය’ යනුවෙනි. ඔහු ඇයට ලන්ඩනයේ සුවිශාල මැඳුරක් ඉදි කර දී ඇය එහි වෙසෙනු බලා සතුටු වෙයි. ඇතැම් අවස්ථාවල ඇය ෆ්‍රෙඩිගේ අයහපත් ලිංගික චර්යා උපේක්‍ෂාවෙන් දරා සිටිය ද ඔහු යළි යහමඟට ගන්නට ද උත්සාහ දරයි.
 
 “ආයෙමත් ගෙදර එන්න; යැයි ඇය ඔහුට ඇරයුම් කරයි. ඒ ඇරයුම ඇය කරන්නේ ෆ්‍රෙඩිට පමණක් නො වේ. කුටුම්භ ජීවිතයෙන් පිටතට ගොස් අනියම් සබඳතා (සම හෝ විෂම) පවත්වන සියලු පිරිමින්ට ය. මේ ඔබ ඇයගේ හඬට සවන් දිය යුතු කාලයයි. සියලු අනියම් සබඳතා ඛේදවාචකයකින් කෙළවර වන බව මේ සුන්දර චිත්‍රපටයෙන් ඔබට වටහාගත හැකි ය.
 
 එච් අයි කතාබහ මොහොතකට අමතක කළත් සංගීතමය චිත්‍රපටයක් මෙය රසවිඳින්නට ඔබට පුළුවන. ඔබ වයස්ගත කෙනකු නම් ඔබ අනිවාර්යයෙන් ම ෆ්‍රෙඩිගේ රසිකයකු වන්නට ඉඩ ඇත. 70-80 දශකවල ෆ්‍රෙඩි ගීත ලෝකය සිය සංගීත කණ්ඩායම හරහා ජයගත් ආකාරය මේ චිත්‍රපටයෙන් ඔබට දැකගත හැකි ය. ඉන්දියාවේ ඉතා දිළිඳු පවුලක උපත ලබා එංගලන්තය ම නටවන සල්ලිකාරයකු දක්වා ඔහු ගිය ගමන මේ චිත්‍රපටයෙන් දැක්වේ. මෙහි ප්‍රධාන නළුවා ලෙස රඟන රමි මලික් අති ප්‍රබල රංගනයක යෙදේ.
 
 මනෝජ් ප්‍රසන්න රත්නායක

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles