Divaina - ලෝ පූජිත චිත්‍රපට උළෙල පවත්වන කාන් නගරයේ සංචාරයක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Derana 365x90 SI

divaina banner new

kaan1
 
 කාන්ස් යනු ප්‍රංශයේ පිහිටි සුප්‍රසිද්ධ පාරාදීසයකි. ලෝ පූජිත කාන්ස් නගරය ප්‍රසිද්ධියට පත්වූයේ චිත්‍රපට උළෙල නිසාය. මෙම චිත්‍රපට උළෙල ආරම්භ වන මැයි මාසයේදී කාන්ස් නගරයට රටවල් රැසකින් සංචාරකයන් පැමිණෙති. 73000 ක ජනගහණයකින් යුක්ත කාන්ස් නගරයේ පවත්වන චිත්‍රපට උළෙල සමයේ හෝටල් ගාස්තු තුන් ගුණයකින් ඉහළ යයි.

 

kaan2
 
 මෙම කාන්ස් චිත්‍රපට උළෙල සඳහා පැමිණෙන හොලිවුඞ් නළු නිළියන් ඇතුළු ලොව රටවල් රැසක සිනමා ශිල්පීන් ලැගුම් ගන්නේ නගරයේ මුහුදු වෙරළ ඉදිරියේ ඇති සුවිසල් රජමාලිගයක් බඳු කාල්ටන් හෝටලයේය.

 

kaan3
 
 ප්‍රංශයේ සංචාරය කෙරෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම කාන්ස් වෙත පැමිණෙන්නේ චිත්‍රපට උළෙල පවත්වන මධ්‍යස්ථානය නැරඹීමටය. එහෙත් ඊට ඇතුළුවීමට සංචාරකයන්ට අවසර නොලැබේ. ඉතාමත් දර්ශනීය වටපිටාවකින් යුක් කාන්ස් නගරය වෙත මා පැමිණියේ ජිනීවා නුවර සිට කිලෝමීටර් 300 කට අධික දුරක් ගෙවමිනි. නගරයේ කුණු කසළ නැත. පොලිස් නිලධාරියකුද දක්නට නැත.
 
 මුහුදු වෙරළ ඉදිරියේ ඇති සාප්පුවල ඇත්තේ ඩොලර් ලක්‍ෂ ගණනක් වටිනා රන් දියමන්ති ආභරණ සහ අත්ඔරලෝසුයි.
 
 එසේම මුහුදේ ඇත්තේ සුපිරි ධනවතුන්ගේ රුවල් යාත්‍රායි.
 
 චිත්‍රපට උළෙලක් නොතිබුණත් දිනපතාම කාන්ස් වෙත සංචාරකයන් විශාල ලෙස පැමිණෙති. මෙම මනස්කාන්ත නගරයට ගුවනින් පැමිණෙන්නේ නම් ළඟම ඇති නීස් ගුවන්තොටුපළේ සිට පැමිණිය හැකිය.
 
 වරක් 1988 වසරේදී කාල්ස් සව්රා සහ මිලොග් පෝමන් යන අධ්‍යක්‍ෂවරුන් දෙදෙනා තම චිත්‍රපට කාන්ස් චිත්‍රපට උළෙලෙන් ඉවත් කර ගැණිනි. එම වසරේ මැයි 18 දා චිත්‍රපට ශිල්පි ලුයිස් මැලේ ඇතුළු අධ්‍යක්‍ෂවරුන් පිරිසක් ප්‍රංශයේ කම්කරු වැඩවර්ජනයකට සහය පතා තරගකාරී චිත්‍රපට තිරගත කිරීමට බාධාකිරීමෙන්ද චිත්‍රපට උළෙල පැවැත්වීම අර්බුදයකට ලක්විය.
 
 කාන්ස් නගරයේ සැරිසරන විට විස්මයජනක පාරාදීසයකට පැමිණි බවට අවබෝධ වේ. මේ නගරය ආශ්‍රිතව ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් ජීවත්වේ. වරක් ශ්‍රී ලංකාවේ චිත්‍රපටකරුවෙක් කාන්ස් නගරයේ චිත්‍රපටයක් රූගත කරන බව දක්වමින් කැඳවාගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතරමං කර පලාගිය බවද අනාවරණය විය.
 
 කාන්ස් චිත්‍රපට උළෙලේදී පිරිනැමෙන ඉහළම සම්මානය පැල්මේ ඩී.ඕර් සම්මානයයි. මේ හැර තවත් සම්මාන 21 ක් පිරිනැමේ.
 
 මේ ලෝ පූජිත චිත්‍රපට උළෙල පැවැත්වෙන සමයේ කාන්ස් නගරයට ලක්‍ෂයකට අධික සංචාරකයන් පැමිණෙන බව හෙළිවී ඇත.
 
 ප්‍රංශයේ පැරිස් නුවර සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ඊසිජෙට් නමැති ලාබදායී ගුවන් සේවාව දිනකට ගුවන් ගමන් රැසක් කාන්ස් සමීපයේ පිහිටි නීස් ගුවන්තොටුපළට ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
 
 කාන්ස් යනු ධනවතුන්ගේ සහ ජනප්‍රියත්වයට පත්වූවන්ගේ නගරය බව ප්‍රංශ මාධ්‍ය සඳහන් කර ඇත.
 
 මේ අතර කාන්ස් මුහුදු වෙරළ මාර්ගයේ ගමන් කරන මාහට වීදියේ ගායකයකු දැකගැනීමට හැකි විය. මෙක්සිකානු ගායකයකු වූ ඔහුට පොලිසියෙන් තර්ජනයක් එල්ලවී නැත. කාන්ස් හි එකම දුප්පතා ඔහු නොවේ. මොරොක්කෝ ජාතික පවුලක්ද කාන්ස්හි සිඟමන් යදිති.
 
 සුපිරි කෝටිපතියන්ගේ පාරාදීසයක් ලෙස හැඳින්වූ කාන්ස් නගරයට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට උත්සව නිසාය.
 
 මෙරටින් ප්‍රංශයට පැනගිය ශ්‍රී ලාංකික ද්‍රවිඩයකු නිපදවූ ඬේමන්ස් ඉන් පැරඩයිස් චිත්‍රපටයට කාන්ස් චිත්‍රපට උළෙලේදී සම්මානයක් හිමිවීම විශේෂත්වයකි.
 
 මේ අතර කාන්ස් නගරයේ රැයක් ගතකිරීම පහසු නැත. ලොව පුරා සිටින ධන කුවේරයෝ තම අති සුපිරි රුවල් නැව්වලින් කාන්ස් වෙත පැමිණ ලැඟුම් ගන්නේ ඉහළම හෝටල් වලය. තවත් සුපිරි ප්‍රකෝටිපතියෝ විශාල නැව් වැනි රුවල් නැව් වලින් කාන්ස් වෙත පැමිණෙති. එහි සියලු පහසුකම් ඇති පුල් ඩ්‍රයිගර්, ෂෝන් කොනරි, ආර්නෝල්ඞ් ස්වාසනේජර් ඇතුළු නළුවන්ගේ ඡායාරූපයන්ද කාන්ස්හි දක්නට ලැබේ.
 
 විස්තරය සහ ඡායාරූප
 කීර්ති වර්ණකුලසූරිය

 

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles